Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බිනර පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී බිනරපෝදා දවසපුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල්පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, හේවිසි ශබ්දපූජා මධ්‍යයේ බෞද්ධ කොඩි 250 කිරිවෙහෙර චෛත්‍යය වටා පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍යය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව ඌව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කිරිවෙහෙර රාජමහා විහාරවාසී පොළොන්මාරුවේ වාචිස්සර හිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට උපාසක උපාසිකාවන්ගේ සාදු නාදයෙන් අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් මල්පහන් පූජාකර බෝධීන් වහන්සේ සුවඳපැණින් නෑවීමෙන් අනතුරුව බෝධි පූජාව පවත්වනු ලබන්නේ අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී පූජ්‍ය මිද්දෙණියේ උදිත හිමියන් විසින් බෝධිපූජාව පවත්වා ශ්‍රී ලාංකාවාසී සැමට සෙත් පැතීම සිදුකෙරේ. කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය , මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පිංකම් සංවිධානය කර ඇත.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේදී බිනර පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

පෝදා පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද අනු නාහිමි , 8 - 9 දහම් දෙසුම පොල්පිටිමූකලානේ් පඤ්ඤාසිරි හිමි, 9 - 9.40 විශේෂ ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමි, 10 - 11 භාවනාව අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 - 1.15 සෙත් පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි, 1.15 - 2.45 ධර්ම සාකච්ඡාව වැලිගෙපොළ සීලවංශ හිමි, 3 - 4 දහම් දෙසුම දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 4 - 5 ගිහි දේශනය විශේෂඥ වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා , 5 - 6 දහම් දෙසුම දියතලාවේ පියදස්සී හිමි, 6 - 6.30 අටවිසි බුද්ධ වන්දනාව.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

තිකොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී බිනර පුර පසළොස්වක පොහෝ දා ශීල, භාවනා ධර්ම දේශනා පින්කම් මාලාවක් සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00 – 06.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි, 07.00 – 07.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම, තලල්ලේ සිරි මහින්ද නාහිමි, 08.00 – 09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි, 09.15 – 10.15 ධර්ම දේශනාව මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පණ්ඩිත ශාස්ත්‍රපති, රජවැල්ලේ සුභූති හිමි, 10.15 – 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.30 බුද්ධානුස්සති භාවනාව, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 01.00 – 02.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 02.15 – 02.30 භාවනා වැඩසටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි, 03.30 – 04.30 ධර්මදේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 05.00 – 06.00 ධර්ම දේශනය තලල්ලේ ධම්මදේව හිමි 06.00 ට සිල් පවාරණය, 07.00 – 07.30 මල් පහන් ගිලන් පස සම්බුද්ධ පූජාව මෙහෙයවීම, රාත්‍රී 07.45 – 08.45 ධර්ම දේශනය ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස හිමි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ දී බිනර පොහොය නිමිත්තෙන් විහාරාරක්‍ෂක දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය මෙහෙය වන සීල සමාදාන පින්කමක් පැවැත්වේ. පෝදා පෙරවරු 06.00 සීල සමාදානය හා අනුශාසනාව ශාස්ත්‍රවේදී කටුගහ පියදස්සී හිමි, 06.30 සම්බුද්ධ පූජාව 08.15 භාවනාව ආටිගල අමිතදේව හිමි, 09.30 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, පස්වරු 01.30 ධර්මදේශනාව අම්බුලුගල සුමංගල හිමි 3.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී බොරැල්ලේ කෝවිද හිමි, 04.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රාවණාගොඩ ඤාණරතන හිමි, 06.00 සීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව දොළොස්බාගේ සාන්තනාග හිමි. ඉරිදා, සඳුදා, බදාදා, සිකුරාදා සවස 06.00 ට පිරිත් සජ්ඣායනා පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙය වන බිනර පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය. පෙරවරු 6- 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, පණ්ඩිත බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, 8 – 9 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 ධර්ම දේශනාව - කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මල්වානේ චන්දරතන මාහිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 – විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ තබ්බෝවේ තපංකර හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2.00 – 03.00 වෙසෙසි දෙසුම – ඩී.එන්. සිරිනායක මහතා, 03.00 04.00 ධර්ම දේශනාව - කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි, 04.15 – 05.00 ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00 – 06.00 ධර්ම දේශනාව, කොළඹ රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන හිමි, 06.00 – 06.30 බෝධි පූජාව මෙහෙයවීම, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේ දී බිනර පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු. 06 – 07 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 08- 09 ධර්ම දේශනාව නෙලුවා කන්දේ ඤානානන්ද හිමි, 09 – 10 ධර්ම දේශනාව ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11.00 - 11.15 බුද්ධ පූජාව බියගම කමලධම්ම හිමි, බංගලිදේශයේ සද්ධානන්ද හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ උඩුදෙණියේ විමලවංශ හිමි, මීගොඩ කල්‍යාණ ධම්ම හිමි. 01 – 02 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02 – 03 භාවනාව, වැලිමඩ පසන්න මානස හිමි, 03 – 04 විශේෂ අනුශාසනාව, අතිපූජ්‍ය වැලිගම ඥාණරතන මහ නාහිමි, 04.15 – 05.00 ධර්ම දේශනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 05.00 – 06.00 ධම්ම පදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි පූජාව හා සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි.


සත් බුදු වන්දනා බෝධි පූජාවක් පන්නිපිටියේ දී

පන්නිපිටිය පොල්වත්තේ සහෘද එකමුතුවේ අනුග්‍රහයෙන් මෙම බිනර පුන් පෝදා (22 දා) පොල්වත්ත, ශ්‍රී සද්ධර්මාරාමයේ දී දවස පුරා පවත්වනු ලබන ශීල සමාදානයට සමගාමීව එදින රාත්‍රී 7 ට සත් බුදු වන්දනා විශේෂ බෝධි පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම විශේෂ බෝධි පූජාව පවත්වනු යේ පස්යාල, මුරුතවල ධර්ම චක්‍රාරාමාධිපති ශාස්ත්‍රපති හාපිටිගම විජිත නා හිමිපාණන් විසිනි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

බිනර පුර පසළොස්වක පොහෝ දින කැලණි තරුණ බෞද්ධ සමිතිය මඟින් දවස පුරා පින්කම් මාලාවක් පවත්වනු ලැබේ. එම වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 07.00 බුද්ධ පූජාව, 08.15 භාවනා වැඩසටහන මෙහෙයවීම හප්පිටියේ පාලිත හිමි, 09.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව රඹෑවැවේ පාලිත හිමි, ප.ව. 01.00 ධර්ම දේශනය, 02.15 ධර්ම දේශනය, 04.15 ධර්ම දේශනය, 05.00 බෝධි පූජාව, 06.00 සිල් පවාරණය සිදු කැරේ


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී බිනර පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 08.00 – 09.00 ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද, 09.15 – 10.15 කටුනායක පාරමී දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනාවක් ද, 10.15 – 11.00 කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 11.00 දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 - 01.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 02.30 ගණේමුල්ලේ නිස්සරණී දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක් ද, 02.45 – 03.45 මීගොඩ උත්තරා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද, 03.45 – 04.45 කුරුවිට සමාධි දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 05.00 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 06.00 මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


අනුරාධපුර

මහා විහාරයඅනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී බිනර පෝදා පැවැත්වෙන මහා විහාර පොහොය වැඩසටහන මෙසේ ය.

පුන් පෝ දින පෙරවරු 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා - මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, ප.ව. 12.30 – 01.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ජාතක කතා දේශනාව, කිරින්දේ ඥානදර්ශන හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව , 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී, ධර්ම දේශනය, 05.15 – 06.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය, 10.00 පුණ්‍යානුමෝදනාව - ඕපාත ධම්මසාර හිමි. පුන් පෝ දිනට පසු දින පෙරවරු 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා 06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය.


බෞද්ධයා නාලිකාවේ පොහොය පින්කම් මාලාව ශ්‍රී සම්බෝධි විහාර මැදුරේ සිට

බෞද්ධයා නාලිකාවේ බිනර පසළොස්වක පොහොය පින්කම් මාලාව කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර මැදුරේ සිට විකාශය කැරේ.පෙරවරු 6.00 ට කිරිආහාර පුජාව සමගින් විකාශනය ආරම්භ වීම පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, බුද්ධ වන්දනාව, හා අනුශාසනාව බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති පණ්ඩිත දරණාගම කුසලධම්ම හිමි පෙරවරු 8.00 - 9.30 ධර්ම දේශණය හා බුද්ධානුස්සති භාවනාව ඉසිගිරි විපස්සනා භාවනායතනාධිපති වෙහෙරයායේ සිරිසුධම්ම හිමි 10.00 - 11.00 - ධම්සභා මණ්ඩපය ,මිරහවත්තේ පඤ්ඤානන්ද හිමි පේමසර ඈපාසිංහ මහතා, මෙහෙයවීම ශෂික ජයතිලක මහතා පස්වරු 12.30 - 1.00 - කෘතිම පාද පිරිනැමීම 1.00 - 2.00 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මොනරාගල ශික්ෂාකර පිරිවෙනේ පරිවෙනාධිපති කළුබෝමිටියන ගුණානන්ද හිමි ප.ව. 2.00 - 3.00 ධර්ම දේශණය බුත්තල බුදුගල්ලෙන විහාරවාසි බණ්ඩාරවෙල අමිතදස්සන හිමි 3.30 - 5.00 ධර්මදේශනය හා භාවනාව, ශ්‍රී කල්‍යණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිරේක ලේඛකාධිකාරි ත්‍රිපිඨකාචාර්ය කහගොල්ලේ සෝමවංශ හිමි ප.ව. 5.00- 6.00 සත්බුදු පූජාව හා සිල් පවාරණ කළුබෝවිල සමාධි විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී බිනර පෝදා දවස පුරා කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

ඒ අනුව පෝදා පෙරවරු 6.30 - 7.30 සීලසමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි. 8 - 9.45 දහම් දෙසුම පාදුක්කේ සද්ධාධජ හිමි. 10 -11 දහම් දෙසුම වලතර සුභූ®ති හිමි. පස්වරු 1 - 2.15 දහම් දෙසුම බෝපිටියේ ධම්මිස්සර හිමි. 2.30 - 3.45 දහම් දෙසුම මිරිස්සේ ධම්මික හිමි. 4 - 5 දහම් දෙසුම උණවටුනේ සංඝානන්ද හිමි. 5.30 - 6 දහම් දෙසුම කොස්ගම උපරතන හිමි. 7 - 8 කේ. පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව.

පන්නල ඤාණාලෝක හිමියන්ගේ කවිබණ සංයුත්ත තැටි දෙක දොරට වැඩීම පෝදා

ශාස්ත්‍රපති පන්නල ඤාණාලෝක හිමියන් විසින් දේශිත 2600 සම්බුද්ධ ජයන්තිය “සෙත්කවි මාලාව“ කවිබණ සංයුක්ත තැටි දෙක දොරට වැඩීම බිනර පෝදා පස්වරු 4 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි මිහිලත මැදුරේ දී සිදු කැරේ. එහි මුලසුන මාදුළුවාවේ සෝභිත හිමියන් හොබවන අතර ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසින් දෙසුමක් පැවැත්වීමට නියමිත ය.


මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ වස්සාන පින්කම් මාලාව

මාලඹේ පිට්ටුගල මහ මෙව්නාව අමාවතුර භාවනා අසපුවේ මෙවර වස්සාන මහා පින්කම් මාලාව බිනර මස 25 වන දා සිට ඔක්තෝබර් මස 31 වන දින දක්වා අමාවතුර සදහම් මන්දිරයේදි පැවැත්වේ. සැප්තැම්බර් 25 වන දින සිට ඔක්තෝබර් 24 වන දින දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 3.00 - සිට 5.00 දක්වා ධර්මදේශනා මාලාවකි.

ඔක්තෝබර් 30 වන දින රාත්‍රි 8.00 සිට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ. ඔක්තෝබර් 31 වන දින දවල් ස්වාමින් වහන්සේලා සියක් නමක් විෂයෙහි පවත්වන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව පින්කම් මාලාව අවසන් වේ.


බැරගම බිනර පෙරහර

අම්බලන්තොට බැරගම ගල්විල රජමහා විහාරස්ථ බැරගම පුරාණ මහා දේවාලයේ වාර්ෂික පෙරහර මෙම 22 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වේ. 2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහනට සමගාමීව බැරගම බිනර මහා පෙරහර පැවැත්වීමට සංවිධානය කර ඇති බව ද කියයි. ශාස්ත්‍රපති වතුරගම විමලබුද්ධි හිමියන්ගේ අනුශාසනා පරිදි 22 වන දා මළුවේ දේව පෙරහර ආරම්භයද 23 වන දා විහාර පිට වීදියේ පේලි පෙරහර ආරම්භ කිරීම ද 24 වන දා රන්දෝලි මහ පෙරහර ද වීථි සංචාරය කැරේ.


දෙව්රම් විහාරයේ දොරකඩ අස්න අනුශාසනාව 24දා

කොළොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන්ට 41 වන විය සපිරීම සහ පන්නිපිටියේ දෙපානම දෙව්රම් විහාරයේ 11 වන සංවත්සරය නිමිත්තෙන් දෙව්රම් විහාරයේදී සති පිරිත් දේශනාවක් මෙම 18 වනදා ආරම්භ කැරිණි.

බිනර පෝදා වැඩ සටහන් සිරිත් පරිදි පැවැත්වෙන අතර 24 වනදා පස්වරුවේ දේවදූත පෙරහරද රාත්‍රී 9 ට දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වේ. 25 වනදා සර්ව රාත්‍රික දේව ශාන්ති කර්මයද 26 වනදා අලුයම මහාමායා ශෛලමය ප්‍රතිමා වහන්සේගේ නානුමුර මංගල්‍ය පූජාව හා ප්‍රදර්ශන පූජාවද සිදු කැරේ.


ශ්‍රී පූර්වාරාම ධර්ම පරායණ සමිතියේ සතර පෝදා දම් දෙසුම්

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතියේ දී සතර පොහෝ දිනයන්හි දී සවස 5 – 6 දක්වා දම් දෙසුම් පැවැත්වේ. ඒ අනුව මෙම බිනර පෝදා කොටුවිල විමලකිත්ති නාහිමියන් විසින් ද ඔක්තෝබර් 1 වන දා රාජකීය පණ්ඩිත රද්දැල්ලේ නන්දවිමල හිමියන් විසින් ද 7 වන දා ශාස්ත්‍රපති උඩහමුල්ලේ සරණපාල හිමියන් විසින් ද 14 වන දා කැලිපානාවල ඤාණසීහ හිමියන් විසින් ද දහම් දෙසුම් පවත්වති.


විශේෂ දේශන දෙකක් පෝදා

ලංකා බැංකු මූලස්ථානයේ සහකාර කළමනාකරුවකු වූ ඩබ්ලිව්.කේ.සරත් විමලසිරි මහතාගේ විශේෂ දේශන දෙකක් බිනර පෝදා (22 දා) පහත සඳහන් ස්ථානවලදී පැවැත්වේ. පෙරවරු 10.30 ට සිත් සනසන බුදු දහම යන මැයෙන් පන්නිපිටිය පොල්වත්තේ ශ්‍රී සද්ධර්මාරාමයේදී ද, පස්වරු 02.15 ට අභිධර්මයේ පරමාර්ථ ධර්ම යන මැයෙන් නුගේගොඩ නාලන්දාරාමයේ දී ද පැවැත්වේ.


කෙවිටියාගල

බිනර පසළොස්වක් පොහෝ දින ආගමික වැඩසටහන් පොල්ගම්පල කෙවිටියාගල පුරාණ පූජාගල්ලෙන් විහාරස්ථනයේ සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සජීවි විකාශය කිරීමට කටයුතු යොදා ඇත. කෙවිටියාගල පුරාණ පූජාගල්ලෙන් විහාරාධිපති කෙවිටියාගල සුගතවංශ නා හිමියන්ගේ අනුශාසනා පරිදි එය සිදු කිරීමට නියමිත ය.

මෙම සැප්තැම්බර් 22 දින පෙරවරු 05.30 සිට 06.00 දක්වා අටසිල් සම්බුද්ධ පූජා වැඩසටහන කෙවිටියාගල සුගතවංශ හිමි මෙහෙයවති. 08.30 – 09.30 ධර්මදේශනය ඇහැලියගොඩ බුළුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙනේ විහාරාධිපති ඇහැලියගොඩ ධම්මපාල හිමියෝ පවත්වති.09.35 – 10.30 ධර්ම සාකච්ඡා, 11 – 11.30 සම්බුද්ධ පූජාව පැවැත්වීම, 12.30 – 1.45 බුද්ධ වන්දනාව හා භාවනා 01.45 – 02.00 ජාතක කතා ධර්මදේශනාව, 02.00 – 03.00 දඹදිව සිද්ධස්ථාන පිළිබඳ චිත්‍රපට දර්ශන, 04.00 – 05.00 ධර්ම දේශනාව රන්වල විමලධම්ම හිමි, 06.00 – 07.00 බෝධි පූජා වැඩසටහන 09.00 පසුදා පහන්වනතුරු සර්වරාත්‍රික පිරිත් දේශනාව පැවැත්වේ.


සිළුමිණි විහාරයේ මංගල හිමියන් මෙහෙයවන පටිච්චසමුප්පාද දම් දෙසුම්

ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන බිනර මස වස්සාන පටිච්ච සමුප්පාද ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් මෙසේ ය.

සළායතන (දහම් කැඩපත – 03) / ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි.

මෙම 25 ලක් එෆ්.එම්. නාලිකාව ඔස්සේ පෙරවරු 06.00 – 07.00 (100.1/92 / 93.3 එෆ්.එම්) නාම රූප (දහම් කැඩපත – 04)/ ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි. මෙම 26 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 සිට 06.00 දක්වා ඔක්තෝබර් 02 ලක් එෆ්.එම් නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00 දක්වා (100.1/92/93.3 එෆ්.එම්) 09 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේ දී පෙ.ව. 08.00 - 09.30 02 මාතලේ විජේතිලකාරාමයේ දී පෙ.ව. 08 සිට 09.30. විඤ්ඤාණ (දහම් කැඩපත – 04)/ ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි, ඔක්තෝබර් 03 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 – 06.00 09 ලක් එෆ්.එම්. නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00 (100.1/92/ 93.3 එෆ්.එම්) 09 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේ දී පෙ.ව. 10.00 11.30 02 මාතලේ විජේතිලකාරාමයේ දී පෙ.ව. 10.00 – 11.30 සංඛාර (දහම් කැඩපත – 04 ) / ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි. ඔක්තෝබර් 10 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 – 06.00 16 ලක් එෆ්.එම්. නාලිකාව ඔස්සේ, පෙ.ව. 06.00 – 07.00 (100.1 /92 / 93.3 එෆ්.එම්) 09 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේ දී ප.ව. 01.00 02.30 02 මාතලේ විජේතිලකාරාමයේ දී ප.ව. 01.00 – 02.30 අවිජ්ජා (දහම් කැඩපත – 04) / ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි.

ඔක්තෝබර් 17 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 – 06.00 23 ලක් එෆ්.එම්. නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00 (100.1/92/ 93.3 එෆ්.එම්) 09 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේ දී ප.ව. 02.30 – 04.00 02 මාතලේ විජේතිලකාරාමයේ දී ප.ව. 02.30 පෙ.ව. 04.00.

පටිච්ච සමුප්පාද ධර්ම දේශනා මාලාව සෑම මසකම පළමුවන හා තුන්වන ඉරිදා දිනවල ර්‍ණව්ඡ් ඉඅධ් ඹ්ඒව්ම්ඒ රූපවාහිනී නාලිකාව මඟින් චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ ලොව වටා විකාශය කෙරේ.


මහියංගනයේ මහ පෙරහර 22 වන දා

ඓතිහාසික මහියංගන රාජ මහා විහාරයේ සහ මහියංගන සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහර මෙම බිනර පෝදා රාත්‍රී වීථි සංචාරය කැරේ. ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක මහියංගන රාජ මහා විහාරාධිපති ගලගම ශ්‍රී අත්ථදස්සි අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි මහියංගන රාජ මහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්‍ඛිත හිමියන්ගේ මෙහෙයවීමෙන් එම ඇසළ පෙරහර මංගල්‍යය පැවැත් වේ.

මහියංගන රාජ මහා විහාරයේ සහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා ඉකුත් 8 වන දා පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මධ්‍යයෙහි සුබ නැකතින් කප් සිටුවන ලදී. ඒ අනුව 13 වන දා සිට කුඹල් පෙරහර ද, 18 වන දා සිට රන්දෝලි පෙරහරද බිනර පෝදා රාත්‍රී මහ පෙරහර ද 23 වන දා දවල් පෙරහර ද පැවැත් වේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.