Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුපුත් මාපිය උපහාර ජාතික මහෝත්සවය

දිවයින පුරා විසිරී වැඩ වාසය කරන තිස්දහසකට අධික මහා සංඝරත්නය ද උන්වහන්සේලා මේ උත්තම බුදු සසුනට පූජා කළ දෙමාපියන්ද, විශේෂයෙන් යුද්ධයේ දී ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව අපවත් වී වදාළ හිමිවරුන්්ගේ දෙමාපියන් ද ඇගයීම හා ඔවුනට ගෞරව දැක්වීම සඳහා වැඩසටහන් මාලාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සංවිධානය කර ඇත. මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට අපේක්‍ෂා කැරේ. එහි පළමුවැන්න අනුරාධපුරයේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ඔක්තෝබර් මස 03 වන දා ඉරිදා පැවැත්වීමට නියමිත ය. මේ මහා පින්කම බුදුපුත් මාපිය උපහාර ජාතික මහෝත්සවය ලෙස නම් කැර තිබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.