Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත්තනගල්ල රජමහා විහාරයේ භික්ෂු පුහුණු මධ්‍යස්ථානය විවෘත කැරේ

රු. කෝටි 3 ක වියදමින් අත්තනගල්ල රජමහා විහාර පූජා භූමියේ ඉදිකර තිබෙන තෙමහල් නේවාසික භික්ෂු පුහුණු මධ්‍යස්ථානය මෙම 22 වැනි දින පස්වරු 3.30 ට විවෘත කෙරේ.

තායිවාන ජාතික වෛද්‍ය වූ මහතා එම මැතිනිය තායිපේ විහාරස්ථ දායක පිරිස සහ මෙරට දානපතියන් මෙයට මූල්‍යාධාර සැපයූ බව අත්තනගලු රජමහා විහාරාධිපති සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ පැවැසූහ.

සියනෑ කෝරළයේ විහාරස්ථානයක් ආශි‍්‍රතව ඉදිවූ විශාලතම භික්ෂූ පුහුණු මධ්‍යස්ථානය මෙය වන බවද සාමණේර හා උපසපන් භික්ෂුන්ට ධර්මදානය කිරීමෙහිලා ශක්තියක් ඇති වන අයුරින් ප්‍රමාණවත් පුහුණුවක් ලබාදීම මෙහි අරමුණ වන බවද උන්වහන්සේ පැවැසූහ.

චීන-ශ්‍රී ලංකා බෞද්ධාගමික සහයෝගිතාව සංකේතවත් කරමින් චීන බෞද්ධ ජනතාව විසින් අත්තනගලු රජමහා විහාරයට පූජා කරන ලද තනි කලුගලින් හෙලූ මෛත්‍රී බෝසත් පිළිමය සර්වඥධාතු නිදන් කළ චෛත්‍ය වන්දනාමාන සඳහා විවෘත කිරීමද මෙදින පස්වරුවේ සිදුකෙරේ.

තායිවානයේ ජපානයේ හා චීනයේ දූත පිරිස්ද මෙදින උත්සවයට සහභාගි වෙති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.