Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ “අමා දම් විල” ග්‍රන්ථය එළි දකී

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ් අනුශාසනා අනුසාරයෙන් ප්‍රවීණ ලේඛිකා තනුජා ධර්මපාල සම්පාදනය කළ නවතම ධර්ම ග්‍රන්ථය “අමා දම් විල” කැලණිය නොරිකො ක්‍රියේෂන්ස් ප්‍රකාශනයක් ලෙස මෙම මස 22 වැනි පොහෝ දින පෙ.ව. 09.30 ට හොරණ මහමෙව්නා අසපුවේ දී එළිදැක්වේ.

එදින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ විශේෂ දේශනයක් ද පැවැත්වේ. “සදහම් සිත් මල් යාය – 1” , “සදහම් සිත් මල් යාය – 2”, “මෙත් මල් උයන” ආදී ධර්ම ග්‍රන්ථ රචනා කළ ලේඛිකා තනුජා ධර්මපාලගේ නවතම කෘතිය “අමා දම් විල” යි.

කෙනකු බෞද්ධයකු වන්නේ තෙරුවන් සරණ යෑමෙන් පමණයි. බුදු දහම දුක්ඛ සත්‍ය අවධාරණය කරන්නේ ඇයි? මහණ දම් පුරන්නට ගියත් කර්ම ඵල ලුහුබැඳ එනවා. විරාගී භාව ගුණ මිහිර විඳින්නේ කෙසේද? වැනි බොහෝ බෞද්ධයන් අතර මතභේදයන්ට තුඩු දී ඇති මාතෘකා රැසක් මේ කෘතියේ දී සාකච්ඡා කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.