Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය

මහනුවර, පිළිමතලාව ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීම සඳහා සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී. සැප්තැම්බර් 11 දින සිට 15 දින දක්වා ඇතුලේ පෙරහර පවත්වා, 16 දින සිට 20 දින දක්වා කුඹල් පෙරහරින් අනතුරුව, 21 සිට 25 දක්වා රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරේ. අවසාන රන්දෝලි පෙරහරින් අනතුරුව, 26 දින දහවල් පෙරහර චාරිත්‍රයෙන් ඉක්බිතිව පෙරහර මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් කෙරේ.

සියවස් ගණනාවක සිට පැවැත එන ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ චිරාගත පුදසිරිත් අතුරින් ඉතා විචිත්‍රතම අවස්ථාව සේ සැලකෙන පෙරහර මංගල්‍යය අනන්‍ය වූ දේශීය සම්ප්‍රදායන් රැගත් අලංකාර සංස්කෘතික පෙළ ගැස්මකි. ශ්‍රී උපුල්වන් දෙවිඳුන්ට පූජෝපහාර පිණිස, විශේෂයෙන් ප්‍රාදේශීය හා පළාත්බද ජනතාවගේ භක්ත්‍යාදර ගෞරවයට පාත්‍ර වූ මෙම පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා අති විශාල ජනතාවක් සහභාගි වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.