Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් 1891 දී ආරම්භ කරන ලද ඉන්දීය මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව සැප්තැම්බර් මස 25 වන සෙනසුරාදා සවස 04.40 ට ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානයේ දී ප්‍රධාන අනුශාසක සියම්මහානිකායේ අස්ගිරිපාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

භූටානයේ අග්‍රාමාත්‍ය ජිග්මේ වයි තිග්ලේ, භූටානයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා සමග රාජකීය පිරිස 20 දෙනෙක් පමණ සහභාගිවන මහා සභාවේ විශේෂ කතාව සිදුකරනු ලබන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මැතිතුමා.

කල්කටාවේ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය, බුද්ධගයාවේ ජය ශ්‍රී මහාබෝධි විහාර, බරණැස ඉසිපතන මිගදාය මූලගන්ධකුටි විහාරය, නවදිල්ලි බුද්ධවිහාරය, ලක්නව් රිසල්ඩාපාක් හි බුද්ධවිහාරය, ඔරිස්සාවේ කාලිංග බුද්ධවිහාරය, ලුම්බිණියේ විශ්වශාන්ති බුද්ධවිහාරය, ආන්ද්‍රා ප්‍රදේශයේ අම්ලපුරම් මහාබෝධි විහාරය යන සිද්ධස්ථාන 1891 සිට මේ දක්වා පාලනය වන්නේ ශ්‍රී ලංකාවාසී භික්‍ෂූන් වහන්සේලා සහිත පාලක මණ්ඩලය විසිනි.

ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් ධූරය දරන්නේ භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් වන අතර ප්‍රධාන සභාපතිධූරය දරන්නේ ප්‍රසන්න ජයසූරිය මැතිතුමා ය. අපි‍්‍රකාව ඇතුළු සෑම රටකම සමාජිකයින් සිටින ඉන්දියානු මහාබෝධි සමාගමේ ශ්‍රී ලාංකික ගිහි පැවිදි සාමාජික පිරිස දෙදහසකට අධිකය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.