Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ සාහිත්‍ය උත්සවය සහ ෆාහියන් හිමි දේශාටන සංවත්සරය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සාහිත්‍ය මාසය වෙනුවෙන් සිව්වැනි වරට සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවය බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී 2010 සැප්තැම්බර් මස 20 වැනි දින පෙරවරු 9.30 ට අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

තවද ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි වීමට නියමිතය. මෙවර සාහිත්‍ය උත්සවය සඳහා චීන ජාතික ෆාහියන් දේශාටකයාණන් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් සංවත්සරික ගුණ සමරුවක් පැවැත්වෙන අතර, එම ගුණ සමරු දෙසුම චීන බෞද්ධ සංගමයේ විශේෂ නියෝජිත වෙන්සු ස්වාමීන් වහන්සේ විසින් සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.