Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ධර්මපාලතුමාගේ ජන්ම දින සැමරුම් බරණැස දී

මහාබෝධි සමාගමේ නිර්මාතෘ අනගාරික ධර්මපාලතුමන්ගේ 146 වෙනි උපන් දිනය නිමිත්තෙන් ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩන්ගොඩ රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි බරණැස ඉසිපතන මිගදායේ ධර්මපාලතුමන් විසින් ගොඩනගන ලද මූලගන්ධකුටි විහාර ශූ®ද්ධ භූමියේදී ඉන්දීය මහාබෝධි සමාගමේ සාරානාත් ආයතනය ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන්නට යෙදුන පාසල්වල ගුරුදෙගුරුන් සිසු දරු දැරියන්, බරණැස් හින්දු, සංස්කෘතික ටිබෙට් විශ්ව විද්‍යාවල නිලධාරින් උතුරු ඉන්දීය රජයේ වාරාණසි දිස්ත්‍රික් පරිපාලනයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සැප්තැම්බර් 17 දින දවස පුරා විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට නියමිතය. බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධකුටි විහාරාධිපති හා ඉන්දීය මහාබෝධි සමාගමේ සහකාර මහාලේකම් ආචාර්ය කහවත්තේ සිරිසුමේධ හිමියන් විසින් සංවිධානය කරන මෙම උත්සවයේ සාංඝික දාන, පහන් පුජා,විදුලි ආලෝක පූජා ඇතුළු සමස්ත පින්කම් වල දායකත්වය ගම්පහ රෝහිත දඹදිව වන්දනා චාරිකා සංවිධානයේ අධිපති රෝහිත වර්ණකුලසූරිය මහතා විසින් දරන අතර ශ්‍රී‍්‍ර ලාංකික බෞද්ධ බැතිමතුන් පන්සිය දෙනෙකු සමඟ ඒ සඳහා සහභාගි වීමට නියමිතය.

මෙදින උදෑසන 9.00 ට පැවැත්වෙන ධර්මපාල ගුණ සමරු සභාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායක මහතා සහභාගි වන අතර මෙම සභාවේ මූලාසනය ජෝන්පූර් පුර්වාන්චල් විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.සී. සාරස්වත් මහතා විසින් හොබවයි. ප්‍රධාන දේශනය උතුරු ඉන්දියාවේ රජයේ පොලිස් පුහුණු විද්‍යාලයේ අධිපති නියෝජ්‍ය පොලිස්පති ඉන්දු ප්‍රතාප් සිං මහතා විසින් පවත්වන අතර බරණැස දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාගම අතර පැවැත්වෙන ධර්මපාල පාපන්දු කුසලානයේ ජයග්‍රාහක කණ්ඩායම්වලට ත්‍යාග කුසලාන පිරිනැමීම හා පාසල් සිසුන් අතර ධර්මපාල ජීවන චරිතය ට අදාළව පැවැත්වෙන කථික තරගයේ ජයග්‍රාහක සිසු දරු දැරියන්ට තෑගි පිරිනැමීම බරණැස විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී. වර්මා මහතා හින්දුස්තාන් දිනපතා පුවත්පතේ කර්තෘ රාජ් කුමාර් සිං යන මහත්වරුන් අතින් සිදුවේ. ධර්මපාලතුමන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ඉසිපතන මිගදායේ විහාරස්ථානවල වැඩ වසන මහා සංඝරත්නය උදෙසා සාංඝික දානයක් පිරිනැමෙන අතර මෙදින සවස විශේෂ පහන්, විදුලි ආලෝක හා දම්සක් දේශනා ද වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.