Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බදුල්ල රඹුක්පොත රාජ මහා විහාරයේ ඇසළ පෙරහර

අනුරාධපුර යුගයේ පළමුවන උදය රජතුමන් විසින් තනවන ලද බවට තොරතුරු ඇති බදුල්ල රඹුක්පොත රාජ මහා විහාරය.1818 උඩරට කැරැල්ලට නායකත්වය දුන් වීරවරයන්ට සෙවන දුන් ඓතිහාසික සිද්ධස්ථානයකි.

එම විහාරස්ථානයේ වාර්ෂිකව වසර සියකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන ඇසළ මහා පෙරහර මෙම වසරේ සැප්තැම්බර් 17 වන දින රාත්‍රි 8.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ගවරවෙල සුගතසිරි මා හිමියන් ගේ් අනුසාසනා පරිදි සිදු කරනු ලබන එම පෙරහර පැවැත්වීම සඳහා සියලු කටයුතු සංවිධානය කර ඇති බව භාරකාර නිළමේ සිසිර කුමාර මැණික්දිවෙල මහතා කීය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.