Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 


කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 90 වන සංවත්සරය සඳහා එහි සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනාව පරිදි ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ෆෑන් වන්නමෙත්ති මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එහිදී ජගත් සුමතිපාල මහතා සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ෆෑන් වන්නමෙත්ති මහතා අතර ඇති වූ විශේෂ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 60 වන ලෝක බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය විය. මේ අනුව ජගත් සුමතිපාල මහතාගේ උපදෙස් මත බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා දින 05 ක් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ දිනවල සූදානම් වෙමින් පවතී. පසුගියදා ජගත් සුමතිපාල මහතා මේ සම්බන්ධව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත් කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. සටහන හා ඡායාරූප - එච්.එම්.පී.කේ.සේනාධීර


නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දහම් පාසල් 21 ක් සඳහා සම්බුද්ධත්ව ජයන්ති පුස්තකාලය බැගින් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙල යටතේ ‘කරුණා භාරය’ මාවිට කොස්වත්ත සාරානන්ද දහම් පාසලට පරිත්‍යාග කළ පුස්තකාලය හා පරිගණක ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවූ අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, දේශීය වෛද්‍ය අමාත්‍ය පියසේන ගමගේ හා කරුණාභාරයේ සභාපති මහින්ද කරුණාරත්න යන මහත්වරුන් පළමු ඡායාරූපයෙන්ද සම්බුද්ධත්ව ජයන්ති පුස්තකාලය පරිහරණය කරන දරු දැරියන් දෙවන ඡායාරූපයෙන් ද දැක්වේ.


පරගොඩ රජමහා විහාරයේ දී උපාසක උපාසිකාවෝ දෙදහසකට අධික පිරිසකට නොමිලයේ සිල් රෙදි ලබාදීම සිදු කැරිණි. එම අවස්ථාවට එක් වූ පිරිස සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් සඳහා සිල් රෙදි ලබාදුන් ආකාරය මෙහි දැක්වේ. මෙම අවස්ථාවට එක්වූ පරගොඩ විහාරස්ථානයේ විහාරවාසී පරගොඩ සමිත හිමියෝද, දකුණු පළාත් සභා ප්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් සභා මන්ත්‍රී සී.පියසිරි, ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කුමාර, ඉමදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තිලක් අමරදිවාකාර, ඉමදුව ප්‍රාදේශීය ලේකම් ධම්මික වීරකෝන්, ඉමදුව වැඩිහිටි බල මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රාචාර්ය පේමසේන හබරාදුව, ලේකම් ජේ.ජී.සුගතපාල, ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක යූ.ජී.චන්ද්‍රදාස යන මහත්වරු ද, ප්‍රදේශයේ විදුහල්පතිවරු, වෛද්‍යවරු, ව්‍යාපාරිකයන් හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද මෙම ඡායාරූපයේ සිටිති.
ඉමදුව සමූහ ලංකින්ද නානායක්කාර

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.