Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම, මන්චකන්ද, අංක 877, ලිපිනයේ පදිංචි 43 හැවිරිදි ඩී.ජී.එන්. සුසන්ත මහතාට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතුව ඇතැයි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කැරේ.

බිරිඳ ද අකාලයේ මියගොස් ඇති බවත් වයස අවු. 15 ට අඩු පාසල් යන දරුවන් දෙදෙනෙකුගේ පියකු බවත් කියයි. එබැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් ඒ සඳහා දුරකථන අංක 071 7004510 වෙතින් අමතන ලෙස ඔහුගේ පවුලේ ඥාතීහු සහ මිතුරන් ඉල්ලීමක් කරති.


නුගේගොඩ උඩහමුල්ල තලපත්පිටිය පාර 20/4 හි පදිංචි කේ.වී. තනුජ චමින්ද මහතා වයස (28) යි. දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. මොහුට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන ලෙස කොළඹ ලංකා රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවද කියයි. “බී පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 071 2011034 දුරකථන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.