Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි ගුණ සමරු පින්කම්

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරන්දරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ 7 වන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් බම්බලපිටිය වජිරාරාමයේ දී තිරිකුණාමලයේ ආනන්ද අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 8 වනදා රාත්‍රී විශේෂ බෝධි පූජා පින්කමක් සිදුකැරේ.

මෙම 10 වනදා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී ශතාධික මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් රත්නපුර පැල්වාඩිය බෝධිගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකරවන ලද නව දාන ශාලාව මෙම මස 25 වනදා විවෘත කර මහ නාහිමියන්ගේ ගුණ සැමරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.