අනුරපුර පින්කම්
			
			වෝල්ටර් දයාරත්න  
			අනුරාධපුර දිසා විශේෂ 
			 
			“සුදු වතින් සැරසෙමු, සුදුමල් පූජා කරමු, කළගුණ සලකමු” යන තේමාව 
			පසුබිම් කරගෙන නව වන වරටත් පැවැත්වෙන ‘කළගුණ සැලකීමේ’ මහා 
			පුණ්‍යෝත්සවය මෙම 11 වන දා ඓතිහාසික අනුරාධපුර පින්බිමේ දී පැවැත්වේ. 
			අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ 
			ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ද අනුශාසනා 
			පරිදි ශ්‍රාවස්තිපුර වෙහෙර බැන්ද කුටිය රාජමහා විහාරාධිපති වැලිසර 
			ජිනවංශ තිස්ස හිමියන් ප්‍රධාන බෞද්ධ සංගම් ඒකාබද්ධව එම පින්කම විජය 
			ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන් හා රත්නමාලි මහ සෑ රදුන් අභියස දී 
			පැවැත්වේ. 
			  |