Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා ශාන්තිකර්ම හෝම පූජාව

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ඇතුළු රජයේ සැමටත්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සැමටත්, සියලුම ලක්වාසි ජනතාවගේත්, අපල උපද්‍රව, රෝග බිය ආදි අසුභ දේ තුරන් වී සැමට සතුට ශාන්තිය උදාවී සමෘද්ධිමත් සාමකාමි ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම උදෙසා ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනය කරමින්, ජපන් ජාතිකයින් අතිශයින් විශ්වාස හා ගරු කරන හෝම පුජාව (ගිනිපූජාව) පවත්වනු ලැබේ. ජපානයේ ෂින්ගොන් මහා නිකාය පන්සල් දොළොස් දහසකින් යුත් අති විශාල නිකායකි. එම නිකායට අයත් කෝයාෂූ කනගොන්ජි විහාරස්ථානය ඇතුළු පන්සල් හතරක අධිපතිවන, ලක්‍ෂ පහකට අධික දායකයන් පිරිසක් සිටින දයිකොන්නොන් විහාරස්ථානයේ අතිගරු මහා නායක කෙයිකො මුරගාකි මහා නාහිමියන් ඇතුළු 50 දෙනෙකුගෙන් යුත් ජපන් ජාතික දූත පිරිස මෙම පූජාව පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකාවට සෙත්පතා පවත්වන මහා ශාන්තිකර්ම පූජාව සැප්තැම්බර් මස 04 වෙනි දින පස්වරු 5 ට,කොළඹ 07,බෞද්ධාලෝක මාවතේ ශ්‍රී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා භූමියේදී පැවැත්වේ.

ජපන් ජාතිකයන් විසින් මෙවැනි ශාන්ති කර්මයක්, ශ්‍රී ලංකාව තුළ පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම ජපන් ජාතික බෞද්ධ දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පැල්පොල විපස්සි පදනමේ සමාරම්භක සභාපති පූජ්‍ය පැල්පොල විපස්සි හිමියන්ගේ ඇරැයුමෙනි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.