Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මඩිහේ මහ නා හිමියන්ගේ ජන්ම සමරුව සමරා ලේ දන් දීමේ පින්කමක්

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 97 වන ජන්ම දිනය සහ අපවත්වී වසර 07 සම්පූර්ණවීම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ධර්ම විජය පදනමේ මෙහෙයවීමෙන් මහරගම ශාසන සේවක සමිතියේ සංවිධානයෙන් මහරගම පමුණුව සීමාසහිත විජය සමූහ ව්‍යාපාර (පුද්ගලික) සමාගමේ අනුග්‍රහයෙන් මහරගම ධර්මායතනයේ දී නිකිණි පුන් පෝදා දවස පුරා සිදු කෙරේ. මෙම වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක වන්නකි. මෙවර පැවැත්වෙන්නේ 7 වන වරටයි.

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වේ.

රට දැය සුරැකීමට දිවි දුන් සියලුම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම රටට සෙත් පැතීම මෙහි තවත් අරමුණකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.