Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කංකානියමුල්ල ශ්‍රී බෝධිමාතා වන සෙනසුනේ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය සහ  බුදුමැඳුර විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය

යක්විල - කංකානියමුල්ල, ශ්‍රී බෝධිමාතා වන සෙනසුනේ පන්නල - කුලියාපිටිය මාර්ගයේ ගමන් ගන්නා දහස් සංඛ්‍යාත ජනී ජනයාගේ් ගෞරවාදරයට පාත්‍ර වූ ඓතිහාසික බෝධින් වහන්සේ වටා රන් වැට සහිත බෝධි ප්‍රාකාරයක් ඉදිකොට බෞද්ධ සැදැහැවතුන්ගේ් වන්දනාමාන කටයුතු සඳහා නව බුදු මැදුරක් ද තනවා නිකිණි මස පුර පසළොස්වක පොහෝ දින උදෑසන 10.10 යෙදෙන සුබ මොහොතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශවාසී ප්‍රභූ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් විවෘත වේ. මෙහි අනුශාසකත්වය විහාරාධිපති හිමිපාණන් වහන්සේ වන ශාස්ත්‍රපති පණ්ඩිත අත්තගනේ සාසන රතන නාහිමි හොබවන අතර රන් වැට සහිත බෝධි ප්‍රාකාරය “ බෝධි සංවර්ධන සභාව“ මූලිකත්වය ගෙන ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ පරිත්‍යාගයන්ගෙන් හා බුදු මැදුර ශ්‍රී බෝධිමාතා දායක සභාවේ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කැරිණි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.