Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරි වෙහෙර සෑ රදුන් අබියස පින්කම් මාලාවක්

තල්පිටියේ කෝලිතවංස හිමියන් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ඓතිහාසික රුහුණු පුර කිරි වෙහෙර සෑ රදුන් අබියස අගෝස්තු මස 28 සහ 29 දෙදින පුරා මහා පින්කම් මාලාවක් පැවැත්වේ.

28 වනදා සවස 6.00 ට අෂ්ඨපාන ගිලන්පස බුද්ධ පූජාව සමඟ කප්රුක් පූජාව සහිත සෑරදුන් වන්දනාව. දම්සක් පැවතුම් සූත්‍රය හා මහා සමය සූත්‍රය දේශනා කිරීම සවස 8.00 ට සමස්ත ලක්වැසි ජනතාවට සෙත්පතා සිදු කරන කතරගම දේව පුජාව හා ආරාධනා පුණ්‍යානුමෝදනාව

29 වැනි රිවි දින අලුයම 4.30 ට සත් මහා බුදුරජාණන් වහන්සේලා විෂයෙහි ක්‍ෂීරපායාස බුද්ධ පූජාව හා බුද්ධානුස්සති භාවනාව. අළුයම 6.30 ට කිරි අම්මාවරු 28 දෙනෙකු විෂයෙහි කිරි දානය පූජා කිරීම ආදී පින්කම් මාලාවක් පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.