Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය

මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ හා රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙම වර්ෂයේද පෙර සිරිත් පරිදි චාරිත්‍රාණුකූලව පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ.

සාම්ප්‍රදායානුකූලව පෙර සිරිත් පරිදි වසර 53 කාලයක් වාර්ෂිකව අඛණ්ඩව පවත්වාගෙන එන ලද ප්‍රදේශයේ එකම ජාතික, ආගමික සංස්කෘතික උත්සවය වූ ගැටබරු උත්සවය 2010 සැප්තැම්බර් මස 18 වන දින සිට 24 දක්වා පුරා දින 07 ක් අති උසස් අන්දමින් පෙර පැවැති සියලු උත්සව අංග සහිතව පැවැත්වීමට තීරණය කර ඇත. සැප්තැම්බර් 18, 19, 20 පේලි පෙරහර, සැප්තැම්බර් 21, 22 රන්දෝලි මහා පෙරහර සැප්තැම්බර් 22, 23 උඩ මළුවේ මහා දේව තොවිලය, සැප්තැම්බර් 24 අලුයම ගිනි පෑගීම, දහවල් දේව දානය, සැප්තැම්බර් 18 සිට 23 දක්වා තොරණ ප්‍රදර්ශනය කැරේ.

ඉහත සඳහන් අයුරින් දින 07 ක් පුරා පැවැත්වෙන ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය රජය පිළිගත් පුණ්‍යායතනයක් හා ප්‍රසිද්ධ වන්දනාගමන් ආඥා පනත යටතේ රජය පිළිගත් ප්‍රසිද්ධ පෙරහරක් ලෙස ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර පැවැත්වේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.