Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සේරුවාවිල ලලාට ධාතු නිකිණි මහා පින්කම

තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් සදහටම පවිත්‍ර වූ උන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ නිධන්ගත සේරුවාවිල (තිස්ස මහා වෙහෙර ) මහ සෑ රදුන් අබියස 86 වන වරටත් පැවැත්වෙන ලලාට ධාතු පූජා නිකිණි මහා පින්කම අගෝස්තු මස 16 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වේ.

16 වන දින ලක්දිව විසිරී සිටින සත්ව අවිහිංසාවාදි සමිතිවල සාමාජික සාමාජිකාවන් රැස්වී 25 වන දා පහන් වන තෙක් රත්නත්‍රයාභිවාදන මාලා බන්ධන ගාථා සජ්ඣායනා කරමින් සත්‍යක්‍රියා කැරිණි. 16 දින සිට 23 දක්වා - අටවිසි බුද්ධ වන්දනා හා ලලාට ධාතු වන්දනා පෙරහර හා පූජාවන් පැවැත්විණි. 21 දින - සත්වරු පිරිත් දේශනය ආරම්භයද 22 දින දවල් 100 නමකට අධික මහ සඟරුවන විෂයෙහි පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවද 24 දින - පෙරවරු 6 .00 සිට 25 දින පෙරවරු 6.00 දක්වා පෝදා වැඩසටහන ද පැවැත්වේ. (මෙම වැඩසටහන් සියල්ල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් සජීවීව විසුරුවා හරිනු ලැබේ)

24 දින - රාත්‍රී 9.30 සිට පසුදා පහන් වන තුරු සත් වරු පිරිත් දේශනාවේ මහා පිරිත්, දොරකඩ අස්න හා අනුශාසනා දේශනාවද

24 දින - රාත්‍රී ලලාට ධාතු පූජා මහා පෙරහර විදී සංචාරය ද

25 දින - 50 නමක් විෂයෙහි සගසතු මහා දානය ද පැවැත්වීමට විහාරාධිපති සේරුවාවිල සරණකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.