Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 26 කොටස

108. යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලොකෙ
සංවච්ඡරං යජෙථ පුඤ්ඤ පෙක්ඛො
සබ්බම්පි තං න චතුභාගමෙති,
අභිවාදනා උජ්ජුගතෙසු සෙය්‍යො

පින් පතා ඉටු කරන –
යාගයෙන් පිනක් නැත. රහත් වන්දනාවෙන් –
මහා පින් පල ලැබේ....
හිතවතුනි, ඔබ යමක් – කරන්නට පෙරාතුව -
ඉන් පලක් ලැබේදැයි සිතිය යුතු වන්නේ.... ය....

109. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති ආයු වණ්ණෝ සුඛං බලං

නිරතුරුව සිල්වතුන් - දෙපා නමදින අයට –
ආයුෂ ද වර්ණය ද - සැප ද බලය ද ලැබේ....
හිතවතුනි, සිල්වතුන් – ගුණවතුන් නමදින්න –
නිහතමානී අයට - සැප සතුට උරුම වේ....

110. යො චේ වස්සසතං ජීවෙ දුස්සීලො අසමාහිතො
එකා හං ජීවිතං සෙය්‍යො සීලවන්තස්ස ඣායිනො

සිය වසක දුසිල්වත් – ජීවිතය පලක් නැත. එක් දිනක
සුසිල්වත් – ජීවිතය අගනේ... ය...
හිතවතුනි, සංවරව - ගෙවී යන ජීවිතය
කෙටි කාලයක් වුව ද – හරවත් ය. සැපවත් ය.

111. යො චේ වස්සසතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතො
එකා හං ජීවිතං සෙය්‍යො - පඤ්ඤාවන්තස්ස ඣායිනෝ

මෝඩ වූ අසංවර – දිගු දිවියකට වඩා -
සුසංවර වූ නැණැති කෙටි දිවිය වටනේ... ය...
හිතවතුනි, අසංවර - මෝඩයා ශාපයකි. -
සුසංවර නැණැත්තා ලෝකයට සම්පතකි....

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.