Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී පාද අඩවිය ලෝක උරුමයක් කිරීම සමස්ත ජාතියම ලැබූ භාග්‍යයක් - ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි

ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්‍රීපාදස්ථානය ලෝක උරුම ස්ථානයක් බවට පත් කිරීම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉපදුනු, එමෙන්ම සංස්කෘතික අමාත්‍යවරිය ලෙස භාග්‍යයක් සහ සතුටුවිය හැකි කාරණයක් බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

බ්‍රසීලයේ පසුගියදා (31) පැවැති යුනෙස්කෝ ලෝක උරුම මණ්ඩලයේ නියෝජිත හමුවේ දී ඓතිහාසික ශ්‍රීපාද අඩවිය ලෝක උරුමයක් ලෙස නම් කිරීමත් සමග ඇමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.

විශේෂයෙන් තම අමාත්‍ය ධුර කාලයේ දී රටේ ඓතිහාසික උරුමයන් සඳහා ලෝකයේ අවධානය යොමු කර ගැනීමට හැකිවීම පිළිබඳව යුනෙස්කෝ නියෝජිතයින් හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම තීරණය ඔවුන් විසින් ලබාදුන් බැවින් එය සමස්ත ජාතියේ ම භාග්‍යයක් බව ද අමාත්‍යවරිය කීවාය.

අනාදිමත් කාලයක සිට බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආදී විවිධ ආගමික බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රීපාදස්ථානය ඓතිහාසික සාධක හා පුරා විද්‍යාත්මක මෙන්ම ආගමික අතින්ද ඉතාමත් ඉහළ ස්ථානයක් ගනියි.

එමෙන්ම හෝටන් තැන්න සහ නකල්ස් කඳුවැටිය ලෝක උරුමයන් ලෙස නම් කිරීමෙන් මේ රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක් ඇතිවීම නො අනුමාන බව ද ඇමැතිනිය විශ්වාසය පළ කරයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.