UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජුලම්පිටිය පුණ්‍යවර්ධනාරාමයේ අභිනවයෙන් ඉදි කළ ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ සමාධි බුද්ධ ප්‍රතිමාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් ඉකුත් දා විවෘත කැරිණි. ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිපති කුඩාහීල්ලේ චන්දිම, ජුලම්පිටියේ පදුම හිමිවරු සහ හම්බන්තොට දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අයුරු.
ඡායාරූපය - සුදත් මලවීර

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් විසින් රචිත ‘බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ’ කෘතිය උන්වහන්සේ විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් වෙත පිළිගැන්වූ අයුරු.
“බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ” කෘතිය පාඨකයා වෙත පිරිනැමීමේ උළෙල ඉකුත්දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඡායාරූපය- ශ්‍යාමන් පෙරේරා

ඇමරිකාවේ වෙසෙන මහාචාර්ය තිස්ස සමරතුංග මහතාගේ ධන පරිත්‍යාගයෙන් වාද්දූව මහින්දාරාමයේ ඉදිකළ ශ්‍රී සම්බුද්ධ ජයන්ති චෛත්‍යය යනුවෙන් නම් කර ඇති සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම පසුගියදා අමරපුර නිකායේ මහා නායක අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහ නාහිමියන් අතින් සිදු කැරිණි.
ඡායාරූපය – වාද්දූව සමූහ, එස්. ආර්. පියදාස

ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් හින්දි භාෂාවෙන් රචනා කරන ලද “ථෙරවාද බෞද්ධ ධර්මයෙහි යෝග සහ භාවනා” ග්‍රන්ථය පසුගිය දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා වෙත පිළිගැන් වූ අවස්ථාව.

මාම්පිට වළගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා ගොඩනැඟිලි කිහිපයකට මුල්ගල් තැබීම ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. ශ්‍රී සීලානන්ද මහ පිරිවෙනේ පරිවේණාධිපති හත්ගම්පොළ ඤාණරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් වඩුගේ, අග්‍රාමාත්‍ය ලේකම් අමිල ප්‍රභාත් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා නැරඹුම් මැදිරිය විවෘත කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
දයාරත්න බණ්ඩාර කෑගල්ල දිස්ත්‍රික් සමූහ

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 09 වන දා සඳුදා අපර භාග 12.15 ට ලබයි. 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු මස 16 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]