UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තලටුව පි‍්‍රයන්තාරාමයේ කොත් පැළඳවීමේ උළෙල 12 දා

වැල්ලව තලටුව ශ්‍රී පි‍්‍රයන්තාරාමාධිපති ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියන්ගේ හා මාරතුගොඩ විදුමිණ පිරිවෙන් විහාරාධිකාරී සාරසිය පත්තුවේ ද්විතීය සංඝනායක මාරතුගොඩ ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පි‍්‍රයන්තාරාමාධිකාරී කිරිදිගල්ල ශ්‍රී සුධර්මෝදය පරිවේණාධිපති ගනීමුල්ලේ සීලරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් විහාරස්ථානයට මෙතෙක් අඩුවක්ව පැවැති අභිනව චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය මෙම 12 වනදා පෙරවරුවේ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති පණ්ඩිත නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනු නාහිමියන් ඇතුළු මහ සඟරුවනේ හා සම්භාවනීය මැති ඇමැතිවරුන් ඇතුළු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

කොත් පැළඳවීමේ හා ගනීමුල්ලේ සීලරතන හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

12 වන දා පෙරවරු 9 ට විසිතුරු පෙරහරකින් කොත් වහන්සේ වැඩම කැරෙන අතර 10.20 ට කොත් වහන්සේ පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය ආරම්භ කැරේ. අනතුරුව උත්සව සභාවද පැවැත්වේ.

12 වන දා රාත්‍රී 7 ට මල් පහන් පූජාවද 8 දහම් දෙසුම ශාස්ත්‍රපති වැහැර සුධම්ම හිමියන් විසින් ද 13 වන දා රාත්‍රී 7 ට මල් පහන් පූජාව ද රාත්‍රී 8ට දහම් දෙසුම ශාස්ත්‍රපති දෙනිකේ ආනන්ද හිමියන් විසින් ද 14 වන දා රාත්‍රී 7 ට මල්පහන් පූජාව ද රාත්‍රී 8 ට රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වලස්වැවේ ඤාණරතන නාහිමියන්ගේ දහම් දෙසුමක් ද 15 වන දා රාත්‍රී 7 ට මල් පහන් පූජාව ද 8.30 ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද 16 වන දා දවල් අර්ධ ශතාධික මහ සඟරුවන විෂයෙහි පිරිනැමෙන සපිරිකර දක්‍ෂිණාවද රාත්‍රී 7 ට විශේෂ මල්පහන් පූජාව ද 8 ට යුගාසන කාව්‍ය ධර්ම දේශනාව සන්නස්ගල බුද්ධපි‍්‍රය හිමියන් සහ කිරිදිගල්ලේ ඤාණරතන හිමියන් විසින් ද පවත්වනු ලැබේ.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 09 වන දා සඳුදා අපර භාග 12.15 ට ලබයි. 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු මස 16 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]