UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීනයේ අසිරිමත් පරිනිර්වාණ කැටයම

පිරිනිවන් මංචකය පෙන්වන බොහෝ තැන්වල දක්නට ඇත්තේ බුදුරදුන්ගේ ජීවමාන ස්වරූපයේ ප්‍රතිමාවන්ය. කුසිනාරා නුවර පරිනිර්වාණ මංචකයේ ප්‍රතිමාවද එවැනි නිර්මාණයකි. චීන කෞතුකාගාරයේ දක්නට ඇති ගල්කැටයම මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවට අනුකූලව නිර්මාණය කළ ඉතා දුර්ලභ කැටයමකි. අඬන ශ්‍රාවක රූප පැවතීම, දෙපස මල් පිපුණු සල්ගස් දෙකක් පැවතීම, මෙම කැටයම බුද්ධ පරිනිර්වාණය බවට සාධක වේ.

චීන සංචාරයේ තෙවන දිනයේ බීජිං නගරයේ චීන ජාතික කෞතුකාගාරයේ සිව්වන මහලෙහි සුවිශේෂී ගල්කැටයමක් පිළිබඳව විශේෂ අවධානය යොමුවිය. ඒ තථාගත පරිනිර්වාණය පෙන්නුම් කරන ගල් කැටයමකි. පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුදැයි ආනන්ද හිමියන් ඇසූ පැනයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ සක්විති රජ කෙනෙකුගේ සිරුර මෙන් පිළිපැදිය යුතු බවයි.

සක්විති රජුගේ සිරුර අලුත් පිළියෙන් වෙලත්. අලුත් පිළියෙන් වෙලා මනාව පොළන ලද කපු පුළුනෙන් වෙලත්. මේ ලෙසින් අලුත් පිළි හා කපු පුළුන් යුගල පන්සියකින් සක්විති රජුගේ සිරුර වෙලා රන් දෙනක බහා සුවඳ චිතකයක සිරුර දවන බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන්වේ.

පිරිනිවන් මංචකය පෙන්වන බොහෝ තැන්වල දක්නට ඇත්තේ බුදුරදුන්ගේ ජීවමාන ස්වරූපයේ ප්‍රතිමාවන්ය. කුසිනාරා නුවර පරිනිර්වාණ මංචකයේ ප්‍රතිමාවද එවැනි නිර්මාණයකි. චීන කෞතුකාගාරයේ දක්නට ඇති ගල්කැටයම මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවට අනුකූලව නිර්මාණය කළ ඉතා දුර්ලභ කැටයමකි. අඬන ශ්‍රාවක රූප පැවතීම, දෙපස මල් පිපුණු සල්ගස් දෙකක් පැවතීම, මෙම කැටයම බුද්ධ පරිනිර්වාණය බවට සාධකවේ.

මෙම නිර්මාණකරුවා තාත්විකවාදය ගරුකළ අයෙකි. බුද්ධ ශරීරය නිර්මාණය කර ඇත්තේ රෙදිවලින් ඔතා ඇති ආකාරයටය. හිස සිට දෙපතුල දක්වා මුළු ශරීරයට රෙදිවලින් ඔතා ඇත. අඬන ශ්‍රාවක රූප හතරක් ඇති අතර දෙනමක් සිරුරට අත් තබාගෙන අඬමින් සිටිති. අනෙක් දෙනම පපුවට අත් තබාගෙන අඬමින් සිටිත්. සියලුම රූපවල මුහුණුවල ශෝකීබව ඉතාමත් තාත්විකව නිරූපණය කර ඇත. සල්ගස්වල විශාල මල් පෙන්නුම් කරයි.

කැටයම් රහිත ඉතා සරල ආසනයක බුද්ධ ශරීරය තැන්පත් කර ඇත.ශ්‍රාවක රූපවල දක්නට ඇති ශෝකී ස්වරූපය හා අනෙකුත් නිර්මාණවල තාත්ත්වික බව මෙම කැටයම දකින ඕනෑම කෙනකු තුළ සැබෑ සංවේගයක් උපදවයි. කැටයම් කරුවාගේ අතිදක්‍ෂභාවය මොනවට නිරූපණය කරන ඉතා දුර්ලභ කලා කෘතියකි. මෙම කැටයම තවත් දෙයක් ප්‍රකාශ කරයි. චීනය මහායාන බෞද්ධ සම්ප්‍රදාය ප්‍රචලිත වූ රටකි. මහා පරිනිබ්බාන සූත්‍රය ථෙරවාද ත්‍රිපිටකයේ දීඝනිකායට අයත් සූත්‍රයකි.

මෙවැනි දුර්ලභ ගල්කැටයම් ආරක්‍ෂා කර සුරක්‍ෂිතව තැබීම පිළිබඳව චීන රජයට කෘතඥතාවය හිමිවිය යුතුවේ.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 09 වන දා සඳුදා අපර භාග 12.15 ට ලබයි. 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු මස 16 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]