Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 25 කොටස

104. අත්තා හවෙ ජිතං සෙය්‍යො යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පොසස්ස නිච්චං සඤ්ඤතචාරිනො

මුළු ලොව ම දිනූවත් – එය පලක් නැති ජයකි.
තමා ජය ගතහොතින් – ජය එය ම වන්නේ ය...
හිතවතුනි ; ඔබ ඔබේ – හිතේ වහලකු නොවී
හිත වහල් කර ගන්න. – එවිට ඔබ රජ කෙනෙකි.
 

105. නෙ ව දෙවො න ගන්ධබ්බො න මාරො සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා තථා රූපස්ස ඡන්තුනො

සිත වහල් කළ කෙනෙකු - ලබන ජය නිසැක වේ
ඒ ජයක් කිසිවකුට – වැළැක්විය හැකි නොවේ ...
හිතවතුනි, ඔබ ඔබේ – හිත වහල් කළ දාට
ඔබේ හිස මහඟු මිණි – කිරුළකට සුදුසු වේ.

106. මාසෙ මාසෙ සහස්සේන යො යජෙථ සතං සමං
ඒකං ච භාවිතත්තානං මුහුත්තම පි පූජයෙ

සායෙව පූජනා සෙය්‍යො යං චෙ වස්සසතං හුතං
සිය වසක් නොකඩවා - කළ යාගයට වඩා
රහත් කෙනෙකුට කරන – එක පිදීමක් වටී....
හිතවතුනි; ඔබ යමක් – කරන විට ඒ අනුව
වතාවක් නොව දෙකක් - සිතිය යුතු වන්නේ ..ය...

107. යොචෙ වස්සසතං ඡන්තු අග්ගිං පරිචරෙ වනෙ
එකඤ්ච භාවිතත්තානං මුහුත්තමපි පූජයෙ

සා යෙව පූජනා සෙය්‍යො යඤේච වස්සසතං හුතං
සිය වසක් වනේ මැද – ගිනි පිදුමකට වඩා
රහත් කෙනෙකුට කරන – එක ම පිදුමක් වටී ....
හිතවතුනි; සිය වසක් – ගිනි පුදනවාට වඩ
රහත් කෙනෙකුට කරන – පිදීමක් වටනේ ... ය ....


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.