Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොළමාවත කොත් පැළඳවීම 10 දා

අකුරැස්ස, මලිදුව, දොළමාවත ශ්‍රී අබේසිංහාරාම විහාරස්ථානයේ ගම්වාසින්ගේ සහ විහාරස්ථ දායක සභාවේ පූර්ණ දායකත්වයෙන්, ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් නිරාවරණය කිරීම සහ නව බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවය, ගෞරව ශාස්ත්‍රවේදී මාරඹ උපරතන සහ ගෞරව ශාස්ත්‍රවේදී ලේනම උපතිස්ස හිමිවරුන්ගේ ඇරැයුමෙන් ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 10 වන දින දී සිදුකෙරේ. සත්වරුවේ පරිත්‍රාණ ධර්මදේශනාව 10 වනදා දින සිට 14 වන දින දක්වා පැවැත් වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.