Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙන් පාසල් උපකරණ පිරිනැමේ

2011 වසර සඳහා පාසල් උපකරණ (පෑන්, පැන්සල්, අභ්‍යාස, පොත් ,කවකටුපෙට්ටි, නිල ඇඳුම් ) පරිත්‍යාග කිරීමට බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි පාරමී සංවිධානය බලාපොරොත්තු වෙයි. මෙම පරිත්‍යාග ලබාගැනීමට කැමති, ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් තම මව හෝ පියා මාර්ගයෙන් ඉල්ලුම් කරන ලෙස ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ සඳහන් කරති. ඉල්ලුම් පත සමග තම ග්‍රාමයෙහි ආරාමයෙහි නායක ස්වාමින් වහන්සේගේ අනුමත කිරීමක්ද ඇතුළත් කරන්නැයි ඉල්ලීමක් කැරේ. පාරමී සංවිධානය, සිරි සුදස්සනාරාමය, සදහම් සෙනසුන, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ලිපිනයට එය ඉල්ලුම් කළ යුතු බවද කියයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.