Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 10 වන දා කප් සිටුවා ඇරැඹෙයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන ශ්‍රීනාථ , ශ්‍රී විෂ්ණු , ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි වාර්ෂික ඇසැළ පෙරහර මංගල්‍ය අගෝස්තු මස 10 වනදා කුජ දින නැගෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොටගෙන ඇති සියලු විහාර දේවාලයන්හි පුර්වාභිමත්ව ඇසැළ කප් සිටුවා ශුභ මොහොතින් ආරම්භ කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ඇසැළ පෙරහර 2010 නිමිත්තෙන් නිකුත්කර ඇති විස්තර දැන්වීමෙන් ප්‍රකාශයට පත්කර ඇත. විස්තර දැන්වීම අනුව පළමුවන කුඹල් පෙරහර අගෝස්තු පහළොස්වෙනිදායින් ආරම්භ කෙරේ. අගෝස්තු 20 ප්‍රථම රංදෝලි පෙරහරද අගෝස්තු 24 රාත්‍රී අවසන් රාත්‍රී මහ පෙරහරද වීදි සංචාරය කෙරේ. සිරිත් පරිදි දහවල් පෙරහර අගෝස්තු 25 වනදා පැවැත්වේ. දහවල් පෙරහර මෙදින සවස අස්ගිරිය ගෙඩිගේ රාජ මහා විහාරයෙන් පිටත්ව ශ්‍රී දළදා මාළිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදර්ශනය කොට ගෙවදී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.