UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

හුණුකැටදෙඟලන ධම්මානන්ද හිමි

නියංගොඩ ධර්මාලෝක මහා පිරිවෙන් විහාරාධිපති මල්වතු මහා විහාරාධිවාසි මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික උපාධ්‍යාය ශාස්ත්‍රපති හේනේපොල නන්දසිරි නාහිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගිරිනාගම සුමංගලාරාමාධිපති නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනාහිමි .තත් ශිෂ්‍ය මල්වතු මහා විහාරවාසී කර්මාචාර්ය නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහා පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී වෑගල ඤාණවිමල යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ශිෂ්‍ය හුණුකැට දෙඟලන ධම්මානන්ද සාමණේර හිමියන් මල්වතු මහා විහාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. ධම්මානන්ද හිමියන් අබේසිංහ මුදියන්සේලා මඩුවේගෙදර යාපාරත්න හේරත් මුදියන්සේලාගේ උඩගෙදර සුමනාවතී මැණිකේ යන දම්පතීන්ගේ පුත්‍ර රත්නයකි.


ඇඹිලිපිටියේ සෙවනගල සුභාවී කුඩා ස්වාමීන් වහන්සේ

බේරුවල – පාදාගොඩ, මාලේවන ශ්‍රී ජනනන්දාරාමවාසී අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලබන ඇඹිලිපිටියේ සෙවනගල සුභාවී කුඩා ස්වාමීන් වහන්සේ අනුරාධපුර නදියේ උදකුක්ඛේප සීමා මාලකයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට ගෙන උපසම්පත්තියට පත්වූහ. සුභාවී ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා ඉකුත් 24 වන දා පැවිදි - ගිහි උත්සව මහා සභාවක් ද එදින සවස 07 ට ගිලන්පස බුද්ධ පූජාවක් ද පවත්වා අනතුරුව රාත්‍රී 07.30 ට පමණ උපසම්පත්ති ලාභය ලැබූ ස්වාමීන් වහන්සේ විසින් මංගල ධර්ම දේශනයක් ද පැවැත්විණි.ඒ හිමියන් ඩී.එන්. ජී. පියතිස්ස මහතාගේ සහ ඩබ්ලිව්.ඒ. සුද්‍රානි මහත්මියගේ පුත්‍රරත්නය වේ.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]