Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
ලංකා ශාසනික ඉතිහාසයේ ශ්‍රී ලාංකේය භික්‍ෂු පරපුර වෙත මුලින්ම එකතු වූ විදේශීය යා කවුද?

පිළිතුර
භණ්ඩුක කුමරු

ප්‍රශ්නය
මගධාධිපති සෙනිය බිම්බිසාර මහරජතුමා විසින් බුදුරජාණන් වහන්සේට පළමුවන ආරාම පූජාව කරන ලදී. එම ආරාමයේ නම කුමක්ද?

පිළිතුර
මගධ රට වේලුවනාරාමය

ප්‍රශ්නය
කාලාශෝක රජතුමාගේ සහාය ඇතිව පුරා මාස 8 ක් වාළුකාරාමයේ දී සිදුවූ විශේෂ සිද්ධිය කුමක්ද?

පිළිතුර
දෙවන ධර්ම සංගායනාව පැවැත්වීම ය.

ප්‍රශ්නය
සුමන සාමණේරයන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ නිදන්කොට අනුරාධපුර කරවන ලද ස්ථූපය කුමක්ද?

පිළිතුර
අනුරාධපුර පූජනීය පෙදෙසේ පිහිටි ථූපාරාමය

ප්‍රශ්නය
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ආරම්භ වී සත්මසකින් අවසන් වූ සංගායනාව කුමක්ද? එහි මූලිකත්වය ගෙන කටයුතු කළ රහතන් වහන්සේ කවුරුන්ද?

පිළිතුර
අජාසත් රජු දවස පැළලුප්නුවර අසළ ඉදිකළ සප්තපර්ණි ගුහා ද්වාරයෙහි පවත්වන ලද පළමුවන ධර්ම සංගායනාවෙහි මුලසුන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් උසුලන ලදී.

ප්‍රශ්නය
දෙවියන් උදෙසා මුල්කාලයේ පවත්වන ලද ඇසළ මහා පෙරහර බුදු පුද පෙරහරක් බවට පත්කළ රජතුමා කවුද?

පිළිතුර
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

ප්‍රශ්නය
ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකබලා ගැනීමට සැදැහැසිත් වැඩූ බෞද්ධයෙකු ඒ වෙනුවට බුද්ධ පූජාවක් කිරීම සඳහා යොදා ගන්නා පිළිවෙළ විශේෂිත නාමයකින් බෞද්ධ පොත්පත්වල සඳහන් වෙයි. ඒ විශේෂිත පූජාර්හ නාමය කුමක්ද?

පිළිතුර
ශාරිරික - පාරිභෝගික , උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍ය අතරෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා උද්දේශික චෛත්‍යය වශයෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම ලෝකවාසීන් සඳහා ආදර්ශයෙන් පෙන්වා වදාළ සද්ගුණ දහම කුමක්ද?

පිළිතුර
තමන් වහන්සේට බුද්ධත්වය අවබෝධ කරගැනීම සඳහා සෙවණදුන් බෝධි වෘක්ෂය දෙස දින 07 ක් බලා සිට කළගුණ සැලකීමේ අගය ලොවට පෙන්වා වදාළහ.

ප්‍රශ්නය
ආවරණය කරමින් ඉදිකරන ලද සිලින්ඩරාකාර ගොඩනැගිල්ල සුවිශේෂ නාමයකින් හඳුන්වයි. ඒ නාමය කුමක්ද?

පිළිතුර
“චෙතියඝර “ නමින් හඳුන්වයි.

ප්‍රශ්නය
කෝ සිතැතියන් මෙත් දහමින් දිනිය යුතු
කුපුරිස් දනන් සත් දහමින් දිනිය යුතු
මසුරු දනන් දන්දීමෙන් දිනිය යුතු
බොරුවා සබවසින් නිබඳව දිනිය යුතු

අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදිරියං දානෙන
සච්චේන අලිකවාදිනන්ති

මේ බුද්ධ දේශනාව බුදුන් වහන්සේ කවුරුන්හට කොතැන්හිදී දේශනා කළ සේක්ද?

පිළිතුර
උත්තරා සිටු දියණිය තම සැමියා සමග සහවාසයට යැවූ “සිරිමා “ නම් ‘අබිසරුලිය “ කලක් ගතවීමෙන් අනතුරුව උත්තරාවගේ ම මග පෙන්වීමෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණු අවස්ථාවෙහිදී ඇයට මෙම දහම් දෙසීම සිදුවිය.

ප්‍රශ්නය
එක්තරා රාජකුමාරවරයෙක් සැරියුත් මහරහත් හිමියන් වෙත පැවිදිවනු කැමැතිව අයැද සිටියේය. සැරියුත් මහරහත් හිමියන් කුමරාට අවවාද කරනුයේ සත් හවුරුදු සත්මසක් තොප විඳි දුකම සිහිකරන්නැයි වදාරා පළමු කෙස් වැටිය බාන විටම කුමරා සෝවාන් විය. දෙවන කෙස්වැටි බාන අවස්ථාවෙහිදී සකෘදාගාමී විය. අනතුරු ව අනාගාමි වී කෙස් බා අවසන් වත්ම රහත්ඵලයට ද පත්විය. උන්වහන්සේ පැවිදි වූ දින පටන් භික්‍ෂු සංඝරත්නයට සිවුපසය බහුල විය. මේ රහතන් වහන්සේගේ නම කුමක්ද?

පිළිතුර
පෙර කළ කුසල බලයෙන් “ ලාභීනව අග්ගො සීවලී” නමින් මේ රහතන් වහන්සේ ලබන්නන් අතරෙන් අගසවු තනතුරින් බුහුමන් ලදහ. සීවලී මහරහතන් වහන්සේ ශාසන ඉතිහාසයට එක්විය.

ප්‍රශ්නය
ඇසළ පොහොය දින සිදුවූ බුදුසිරිතේ වැදගත් සිදුවීම් කිහිපයක් සඳහන් කරන්න.

පිළිතුර
සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම ‘අභිනිෂ්ක්‍රමණය’ සිදුවීම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්ම ද මෙදින සිදුවිය.

ප්‍රශ්නය
මෙම පුවතින් සටහන් වන තැනැත්තා කවුද?

බුදුරුව සොරහුගේ ඇස වැකෙත්ම මිහිරි කටහඬ කන හෙත්ව දකුණ ත වූ කඩුව බිම හෙත්ම .සිරිපා යුග වැඳ “ දනිමි ස්වාමීනි! හැඳින්නෙම් ස්වාමීනි! ගැත්තා කරන දැක අනුකම්පාවෙන් වැඩිසේක්ද? දිවි ඇතිතාක් සරණයෙමි. ගැත්තහුට අනුකම්පාකොට පැවිදිකොට වදාළ මැනවැයි ඇයැද සිටියේය. බුදුරදුන්, “ මහණ මෙහි එව “ යි. වදාළ සැණින් මහණ රුව පෙනී ගියේය.

පිළිතුර
අංගුලිමාල මහ රහතන් වහන්සේ

ප්‍රශ්නය
සූත්‍ර පිටකයේ සඳහන් වන සියලු සූත්‍ර ආරම්භයේ “එවං මෙසුතං “ යනුවෙන් මා විසින් මෙසේ අසන ලදී. යන වැකියෙහි “මා” යනු කවරෙක් ද? පැහැදිලි කරන්න.

පිළිතුර
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට පෙරදා රාත්‍රියෙහි බවුන් වඩා සිව්පිළිසිඹියා සහිතව රහත් ඵලයට පත්වූ ආනන්ද හිමියෝ සංගායනා මණ්ඩපයෙහි අසුන් ගැනීමට සුදුසු වීමෙන් රහතන් වහන්සේ පන්සියයක් බවට පත්ව “ පංචසතික යන ව්‍යවහාරයට ප්‍රථම සංගීතිය පත්විය.

මෙම සංගායනාව ආනන්ද මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙහි මුලසුන හෙබවූ මහකසුප් මහරහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට ආනන්ද හිමියන් පිළිතුරු දුන්හ. එම පිළිතුරෙහි සඳහන් වැකිය “එවං මෙසුතං “ මා විසින් මෙසේ අසන ලදී යන්නය.

ප්‍රශ්නය
මරණ මංචකයේදී නැත්නම් මරණය සිදුවන මොහොතෙහිදී ඇතිවන සිතිවිල්ල නැත්නම් කර්මය මතු භවයෙහි ප්‍රතිසන්ධිය ඇති කිරීමට සමත් වෙයි. මේ කර්මයෙහි නම කුමක් ද?

පිළිතුර
ආසන්න කර්මයයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.