Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අලුත්ගම ශාසනධජාරාම විහාරස්ථානයේදී ඉකුත් වෙසක් පොහොය නිමිත්තෙන් ධාතු ප්‍රදර්ශනයක් පැවැත්විණි. විහාරාධිපති හකමූණගල ආනන්ද හිමියන්ගේ සහ විහාරස්ථාන භික්‍ෂූන් වහන්සේගේ් අනුශාසනා පරිදි උපුල් දයාරත්න මහතාගේ දායකත්වයෙන් එය සිදුකැරිණි.

මහනුවර බලගොල්ල වැඩිහිටි පුරවැසි නිකේතනය අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහා නාහිමියන් විසින් විවෘත කළ අවස්ථාව.

මහනුවර බලගොල්ල වැඩිහිටි පුරවැසි නිකේතනය අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහා නාහිමියන් විසින් විවෘත කළ අවස්ථාව.


අනුරාධපුර ජේතවනාරාම චෛත්‍යය අබියසදී ඉකුත් දා දූනගහ පහන්සිත් පදනම මෙහෙයවීමෙන් පින්කම් රැසක් සිදු කැරිණි. ඊට සමගාමීව චෛත්‍ය පළඳනා පූජාව, ප්‍රදීපාලෝක පූජාව, ඖෂධ පූජාව, නෙළුම් මල් පූජාවද ඇතුළු පින්කම් රැසක් එම පදනමේ නිර්මාතෘ සැමී කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි. එම පින්කමේ දී සැදැහැවතුන් පෙරහරෙන් ගමන් කළ අයුරු හා තන්තිරිමලේ චෛත්‍යය පළඳනාවෙන් පසු සීල සමාදානයේ යෙදුණු අවස්ථාව.
ජයමිණි අත්තනායක

කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනුග්‍රහයෙන් කතරගම කිරිවෙහෙර හා රුහුණු මහා කතරගම දේවාලයේ ආලෝක පූජාව ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වූ කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනී අමරි විජයවර්ධන මහත්මිය සහ සමාගමේ නිලධාරීහුද මෙහි වෙති.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ පැවැත් වූ ධර්ම සාකච්ඡා ඇසුරෙන් ප්‍රවීණ ලේඛිකා තනුජා ධර්මපාල සම්පාදනය කළ නවතම ධර්ම ග්‍රන්ථය “මෙත් මල් උයන” පසුගියදා මාලබේ අමාවතුර මහමෙව්නා අසපු භූමියේ දී එළිදැක්විණි. ඒ අවස්ථාවේ එම කතුවරිය විසින් එහි මුල් පිටපත කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව. මෙය එම කතුවරියගේ දෙවැනි ධර්ම ග්‍රන්ථය වන අතර, සදහම් සිත් මල් යාය 1 සහ 2 ඇයගේ අනිකුත් ධර්ම ග්‍රන්ථ වේ. මෙත් මල් උයන මිහිර පොත් ප්‍රකාශනයකි.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කෙරුණු පෙරහරක් පසුගියදා නුගේගොඩ නගරයේ දී පැවැත්විණි. එහිදී සිසුන් විසින් සැදැහැ ගීත ගායනා කෙරුණු අයුරු.

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.