Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අභයගිරි සංරක්‍ෂණයට ශ්‍රම දායකත්වය ලබාදෙන්න

අනුරාධපුර,අටමස්ථානයට අයත් ඓතිහාසික අභයගිරි චෛත්‍ය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබ ප්‍රදේශයේ සුබ සාධක සමිති, රාජ්‍ය ආයතන පුද්ගලික ආයතනයන්හි ස්වේච්ඡා කණ්ඩායම් හෝ වෙනත් ඕනෑම කණ්ඩායමකට ශ්‍රම දායකත්වය සැපැයීමට හැකියාව ඇත. එමෙන්ම සංරක්‍ෂණයට අවශ්‍ය හුඹස් පස් හිස් පොලි සැග් බෑග් (පෝර උර) පෙදරේරු සහාය ලබාදීම ආදියෙන්ද මෙම පුණ්‍ය කර්මයට දායකවිය හැක.

විශේෂයෙන් බිම් මළුවේ සිට චෛත්‍ය මුදුන දක්වා ගල්ඇදීමේ කාර්යය සඳහා 80 ක් 100 ක් වැනි කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් සහභාගි වන්නේ නම් එය මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ කාර්යයට විශාල පහසුවක් බව ස්ථාන භාර නිලධාරීවරයා පවසයි.

මෙම පුණ්‍ය කර්මයට දායකවීමට කැමැති අයට ස්ථානභාර නිලධාරි අභයගිරි ස්තූප වැඩබිම අභයගිරිය ව්‍යාපෘතිය , අනුරාධපුර ලිපිනයෙන් හෝ 025-3856709 දුරකථන අංකයෙන් අවශ්‍ය විස්තර ලබා ගත හැකිවේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.