Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉංගිරියේ සිට කැලණියට පෝදා බස් සේවාවක් නොමිලයේ

මෙවර ඇසළ පොහෝ දිනයේ කැලණිය පුදබිම වෙත යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ඉංගිරිය නගරයේ සිට කැලණිය දක්වා නොමිලයේ බස් සේවාවක් පැවැත්වීමට ඉංගිරිය පෞද්ගලික බස් සංගමය කටයුතු යොදා ඇත. මෙදින අලුයම 05.00 සිට රාත්‍රී 08.30 දක්වා බස් සේවය නොමිලයේ ක්‍රියාත්මක වන අතර රාත්‍රී 08.30 ට අවසාන බස් රථය කැලණියේ සිට ඉංගිරිය බලා ධාවනය වීමට නියමිතය. මෙම ඇසළ පෝ දිනයේ දී ඉංගිරිය නගරයේදී බත් දන්සැලක් ද පැවැත්වීමට 125 ඉංගිරිය පෞද්ගලික බස් සංගමය කටයුතු යොදා ඇති අතර මඟීන්ට අපහසුතාවයක් ඇති නොවන පරිදි ප්‍රමාණවත් බස්රථ සංඛ්‍යාවක් මෙදින ධාවනයට යොදා ඇතැයි ද එම සංගමය පවසයි. ඉංගිරිය මධ්‍යම සමූහ පි‍්‍රයදර්ශනී කහවල


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.