Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

නියංගොඩ ධර්මාලෝක මහා පිරිවෙන් විහාරාධිපති මල්වතු මහා විහාරාධිවාසි මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික උපාධ්‍යාය ශාස්ත්‍රපති හේනේපොල නන්දසිරි නාහිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගිරිනාගම සුමංගලාරාමාධිපති නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනාහිමි .තත් ශිෂ්‍ය මල්වතු මහා විහාරවාසී කර්මාචාර්ය නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහා පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී වෑගල ඤාණවිමල යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ශිෂ්‍ය හුණුකැට දෙඟලන ධම්මානන්ද සාමණේර හිමියන් මල්වතු මහා විහාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

ධම්මානන්ද හිමියන් අබේසිංහ මුදියන්සේලා මඩුවේගෙදර යාපාරත්න හේරත් මුදියන්සේලාගේ උඩගෙදර සුමනාවතී මැණිකේ යන දම්පතීන්ගේ පුත්‍ර රත්නයකි.


හාරිස්පත්තුව මැදවල පල්කුඹුර රජමහා විහාරය, මැදගොඩ ගල්ගාන රජ මහ විහාරය (දොළපිහිල්ල) මුතුකෙළියාව ශ්‍රී සෝමරතනාරාමය යන විහාරත්‍රයාධිපති, මල්වතු මහා විහාරයීය කර්මාචාර්ය , හාරිස්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක පොර මඩුල්ලේ ධර්මකීර්ති ශ්‍රී සෝමරතන ඡ්‍යොතිභිධාන නා හිමියන්ගේ සහ මුතුකෙළියාව ශ්‍රී සෝමරතන විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිත වැල්ලගිරියේ රතනසාර හිමියන්ගේ ශිෂ්‍ය මාරුතුගොඩ විදුමිණ පිරිවෙනේ මුලික අධ්‍යාපනය ලබා දැනට පැණිදෙණිය ශ්‍රී භාරති විද්‍යායතන පිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරන පොරමඩුල්ලේ රතනපාල සාමණේර හිමියන් මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.