Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මහරගම පන්සල පාරේ අංක 159/49 ඊ හි පදිංචි ඩී.උපාලි මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන පව කියයි. අවුරුදු 38 ක් වයසැති ඒ මහතාගේ ජීවිතය බේරාගැනීමට නම් “බී” හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළයුතු බව කොළඹ මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්.නසාර් මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් දන්දී ජීවිතයක් බේරා දී මේ මහඟු පින්කමට දායක වන ලෙස ඉල්ලීමක් කැරේ. 0711545647 දරන දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.


හඳපාන්ගොඩ 199 ඒ නිවසේ පදිංචි බී.ඒ.සමීරා රංගනී (27) නමැත්තිය වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඇයට ඒ හෝ ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා පරිත්‍යාග ශීලියකුගෙන් අපේක්ෂා කැරෙන අතර අදාළ වකුගඩු සැත්කම සඳහා ඉංගිරිය ලංකා බැංකු ශාඛාවේ 8994663 ගිණුමක් ඇතැයිද පරිත්‍යාගශීලීන්ගේ සහාය ඊට බලාපොරොත්තු වන බවද පියා වන බී.ඒ.නන්දාරත්න මහතා කියයි. වැඩි විස්තර සඳහා 0716574797 ගීත් බමුණුආරච්චි හෝ 0342256171 සුනිල් බමුණු ආරච්චිගෙන් විමසන්නැයි ද ඉල්ලීමක් කැරේ.

 

 


මත්තුමගල, රාගම 22/27 පරාක්‍රම පාරේ පදිංචි 62 වියැති එම්. පී. දයාවතී නමැත්තිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. තිදරු මවක් වන ඇයට ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් සමෘද්ධි දීමනාවෙන් යැපෙන බවත් ඇය කියයි. ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා ලංකා බැංකුවේ වැලිසර ශාඛාවේ 3280314 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද පැවසේ. ඕ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙත්නම් 011 - 2938826, 071 -4290844 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.