Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගනේගම සැදැහැ ගී තරගාවලිය 26 දා

අලුත්ගම, ගනේගම, ශ්‍රී උපසේන දහම් පාසල හා ශිෂ්‍යාලෝක පදනම එක්ව සංවිධානය කරන සැදැහැ ගී තරගාවලිය මෙම මස 26 දා සවස 5.00 ට ගනේගම පූර්වාරාමයේදී පැවැත්වේ. අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ ස්ථාපිත දහම් පාසල් වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පමණක් සහභාගිවිය හැකි එම තරගාවලියේදී ප්‍රථම, දෙවන, ස්ථාන දිනාගන්නා කණ්ඩායම් වලට මුදලින් ත්‍යාග සහ සහභාගි වන සියලු සිසු - සිසුවියන්ට වටිනා සහතිකයක් ද පිරිනැමීමට සංවිධාන කමිටුව තීරණය කොට ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.