Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා’ රූපවාහිනියේ ඇසළ පොහොය විකාශය සම්බෝධි විහාරයේ සිට

‘බෞද්ධයා ‘ රූපවාහිනි නාලිකාවේ ඇසළ පොහොය සජීවී විකාශය කොළඹ 07 ග්‍රෙගරි පාර ශ්‍රී සම්බෝධි මහා විහාර සදහම් මැදුරේ සිට විකාශය කෙරේ. පෝදා පෙරවරු 6.00 සිට පෙ.ව. 7.30 දක්වා සීල සමාදානය බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බෞද්ධයා රූපවාහිනියේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි. පෙරවරු 8 - 9 ධර්ම දේශනය - බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනවාසී බණ්ඩාරවෙල අමිතදස්සන හිමි, පෙරවරු 10 - 11 දක්වා දම් සභා මණ්ඩපය “ ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමි හා මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 11 - 11.30 දක්වා ‘සම්බුදු පූජාව‘ මෙහෙයවීම මහරගම පදුම හිමි, පස්වරු 12.30 - 1 දක්වා රණවිරුවන් සඳහා කෘත්‍රිම පාද පිරිනැමීම 1 - 2 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාව කලුබෝවිටියන ගුණානන්ද හිමි 2 - 3 දක්වා ධර්ම දේශනය මොරොන්තුඩුවේ රාහුල හිමි, 3.30 - 4.30 දක්වා ධර්ම දේශනය ,රාජකීය පණ්ඩිත මාතලේ ධම්ම කුසල නාහිමි, 4.30 - 5.30 දක්වා මහරගම සිරි වජිරඤාණ ධර්මායතන වාසී මලලගම පඤ්ඤාසාර හිමිපාණෝ , සත්සති පූජාව සහ සිල් පවාරණය (5.30 - 6.00 ) මලලගම පඤ්ඤාසාර හිමි. 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බෞද්ධයා රූපවාහිනි නාලිකාව සාමාන්‍ය නාලිකාවක් බවට පත්කර ලීමට අපේක්‍ෂා කරන බැවින් ඊට දායක වන්නැයි ද බෞද්ධයා නාලිකාවේ සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම හිමිපාණන් ආරාධනා කරයි. වැඩි විස්තර - 011 7215288 , 0112689307 දුරකතන මගින් දැන ගත හැකි බවද කියයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.