Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ ධර්ම දානයට

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොටුබැම්ම පාරේ ධර්මාශ්‍රම විහාරස්ථානයෙහි පුන් පොහෝ දිනයන්හි සීල සමාදානයෙහි යෙදෙන උවසු උවසියන්හට සෑම පුරපසළොස්වක පොහෝ දිනයන්හි දීම, ‘බුදුසරණ ‘ පුවත්පත මිලදී ගෙන ධර්ම දානය පිණිස ලබාදීමට මල්කාන්ති මාරඹේ මහත්මිය ඉදිරිපත් වී සිටියි. සිල් පිරිස විවේකීව සිටින අවස්ථාවලදී, විවිධ දහම් කරුණු වලින් සපිරි, බුදුසරණ පත්‍රය කියවා ඔවුනගේ දහම් දැනුම හා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව වඩවා යහපත් දිවියක් ගොඩනගා ගැනීමට සහ ඔවුනට පින් සිදු කර ගැනීමට කරන උපකාරයක් වශයෙන් සලකා එතුමිය විසින් එම පින්කම සිය කැමැත්තෙන් නොකඩවාම සිදුකරගෙන යන බව ධර්මාශ්‍රම විහාර දායක සභාව කියයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.