Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ ඇසළ පූජා පෙරහර මංගල්‍යය

2010 වර්ෂයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙවරද පැරැණි චාරිත්‍රාණුකූලව ජූලි මස 21 වෙනි රාත්‍රී 09.19 ට “මගුල් කප්” සිටුවීමෙන් ආරම්භ විය. කුඹල් පෙරහර ජූලි මස 23 වෙනි රාත්‍රී 08.31 පැවැත්වෙන අතර මල්පෙරහර ජූලි 24, 25, 27 දක්වා පැවැත්වේ.

ප්‍රථම දේවාරාධනය හා දැකුම් තැබීම අගෝස්තු 06 වනදා 05.37 යෙදී ඇති අතර මෙදින රාත්‍රී 09.30 ට සධාතුක කරඬුව හා දේවාභරණ දේව සළුපිළි පාවාඩ පිට වැඩමවීම සිදුකෙරේ. අගෝස්තු 14, 15, 16, 18, 19, 20, 21 දක්වා රාත්‍රියේ දී දේව දානය දී දිනපතා වීථි මහා පෙරහර පැවැත්වේ. 22 ඉරු දින දියකැපීම කැලණි නදියේ බුලත් ගම්පත සීමාවේ දී සිදුකර අලි ඇතුන් උඩරට පහතරට, නැටුම් වලින් සමන්විත මහා පෙරහර බියගම ප්‍රදේශයේ වීථි සංචාරය කර බණ්ඩාරවත්ත රාජසිංහ පාලම ඔස්සේ කඩුවෙල නගරය හරහා දේවාලයට ගෙ ව දී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.