Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම ඇසළ පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ අවසාන මහා පෙරහර ජූලි 25 වන දා පැවැත්වේ.

කතරගම මහාදේවාලයෙන් ඇරඹෙන දේව පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරයේ බුදු පෙරහර පෙරටු කරගෙන ආරම්භ කිරීමට ප්‍රථම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් විසින් සධාතුක කරඬුව බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාට බාරදීම සිදුකෙරේ.

බස්නායක නිලමේ විසින් සධාතුක කරඬුව ඇතුමත රන්සිවි ගෙයෙහි තැන්පත් කිරීමෙන් පසුව පෙරහර ගමන් අරඹයි.

බුදු පෙරහර පෙරටු කරගත් කතරගම මහාදේවාලයේ දේව පෙරහර වෙහෙරවීදියේ ගමන් කර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණේ. ඇසළ පෙරහර සමයේ කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයෙන් ඉටු කරන ලද පිරිත් නිල රාජකාරිය වෙනුවෙන් බස්නායක නිලමේ විසින් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති නාහිමියන්ට පුද පඬුරු පිළිගැන්වීම සිදු කෙරේ.

අනතුරුව බස්නායක නිලමේ අදිකාරම් ලේකම් කපු මහත්වරු ඇතුළු පෙරහර කාර්ය මණ්ඩලය ආගමික කටයුතු පැවැත්වීම සිදුකෙරේ.

ආගමික කටයුතු වලින් පසුව පෙරහර වෙහෙර වීදිය, ගමන්කර දේවාල මළුවෙන් පිටවීදියට පිවිස එම වීදියේ ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ.

එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකිරීමෙන් පසුව පෙරහර මහාවීදියේ ගමන්කර මහාදේවාලයට ගෙවදිනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.