Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා සමිඳු තේවා මුර මාරු වීමේ චාරිත්‍රය මල්වතු විහාරයෙන් අස්ගිරි විහාරයට පැවරීම පෝදා

ශ්‍රී දළදා සමිඳු තේවාමුර මාරුවීම මහනුවර මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට පැවරීමේ චාරිත්‍රය ජූලි මස 25 වෙනිදාට යෙදෙන ඇසළ පුර පසළොස්වක පෝය දින පැරැණි චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාළිගාවේ දී සිදුකෙරේ. මුර මාරු චාරිත්‍රය සිදුකෙරනුයේ ඇසැළ පෝය දිනට පසුදිනය.

පසුගිය වසරේ 2009 ඇසැළ පෝය දින සිට ශ්‍රී දළදා සමිඳු වෙනුවෙන් තේවා චාරිත්‍ර සිදුකිරීම සම්ප්‍රදායානුකුලව බාර ගත් මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් විසින් මෙදින තේවාමුරය අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන් ප්‍රධාන තේවාවට පත්වන අස්ගිරි මහා විහාරයේ සංඝරත්නය වෙත පැවැරීම පැරැණි චාරිත්‍රය වේ. එම අවස්ථාවට මල්වතු අස්ගිරි අනුනාහිමිවරු, ලේඛකාධිකාරි හිමිවරු ද, තේවාව සිදුකළ මල්වතු මහා විහාරයේ සංඝරත්නයද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගි වනු ඇත. තේවාවට පත් වන අස්ගිරි මහා විහාරයේ ස්වාමීන්වහන්සේ පස්නම ශ්‍රී දළදා මාළිගාවේ තුන් මාසයක් වස් එළඹ වීම සඳහා වස් ආරාධනාව ද දියවඩන නිළමේ තුමා විසින් සිදු කිරීම ද මෙදින චාරිත්‍රානුකූලව පැවැත්වීමද සම්ප්‍රදාය වෙයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.