Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අෂ්ට පරිෂ්කාර පූජාවට දායකවන ලෙස ඇරැයුමක්

රටට සෙත්පතා ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන්ට අටපිරිකර 2010 ක් පූජා කිරීමේ මහා පින්කමක් ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇසළ පෝදා (ජූලි මස 25 වන දා) පැවැත්වීමට හෝමාගම, අතුරුගිරිය පාරේ අංක: 230/1 දරන ස්ථානයේ පිහිටි එලීට් සිටිසන් පදනම සංවිධානය කර තිබේ. එම මහා පින්කම සඳහා අටපිරිකර පූජා කිරීමට කැමැති සැදැහවතුන් 0114 – 901158 දරන දුරකථනය අමතා දැනුම් දෙන ලෙස ද එලීට් සිටිසන් පදනම ඉල්ලීමක් කරයි.

මේ මහා අටපිරිකර පූජාවට අමතරව එදින දහවල් මහා සංඝරත්නය උදෙසා පිරිනමනු ලබන දානයක්, විදුලි ආලෝක පූජාවක්, චෛත්‍ය වන්දනාව හා චිත්තාභිනන්දනීය ධර්ම දේශනාවක් ද පැවැත්වෙයි.

මේ මහා පින්කම සංවිධානය කැරෙන එලීට් සිටිසන් පදනම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ස්ථාපිත ලාභ නොඋපයන ආයතනයකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.