Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම ඇසළ පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ මහා පෙරහර ආරම්භ කිරීම සඳහා කප් සිටුවීමේ මංගල්‍යය මැයි මස 28 දින කතරගම මහාදේවාලයේ කපු මහත්වරුන් විසින් දේවාලයේ මිණිබැඳි මණ්ඩපයේ නියමිත ස්ථානවල සිදුකරන ලදී. කප් සිටුවීම අනුව කතරගම මහා දේවාලයේ ඇසල මහා පෙරහර ජුලි මස 12 දින ඇරඹෙයි. ජුලි මස 25 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන අතර ජුලි මස 26 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.

ගිනි පෑගීම ජුලි මස 22 දින පැවැත්වේ. ඉපැරණි චාරිත්‍ර පුද සිරිත්වලට මුල්තැනක් දෙමින් උඩරට පහතරට මෙන්ම ලංකාවේ විවිධ කලායතනවල නැටුම් කණ්ඩායම් හා අලි ඇතුන්ගෙන් යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත. පෙරහර ගමන් කරන වීථිවල බෞද්ධ කොඩි හා ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත්කරන අතර බැතිමතුන්ගේ් පහසුව සඳහා කතරගම දේවාලය සමීපයේ තොරතුරු මධ්‍යස්ථානයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊ. එච්. සෝමපාල කතරගම විශේෂ


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.