Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 21 කොටස

86. යේ ච ඛෝ සම්මදක්ඛාතෙ ධම්මේ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති මච්චුධෙය්‍යං සුදුත්තරං

බුදුන් පිරිසුදු ලෙසින් දේශනා කරන ලද දහම පිළිපදින්නා නිවන වෙත යන්නේ... ය...

හිතවතුනි, ගුණ දහම් රකින්නට වෙහෙසෙන්නට එවිට යම් දිනෙක ඔබ වැදගතකු වන්නේ ය.

87. කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො
ඔකා අනොකං ආගම්ම විවේකෙ යත්ථ දුරමං

නැණැත්තෝ අකුසලින් දුරුව වාසය කරති, කුසලට ම නැඹුරු වෙති. සසුනට ද ඇතුළු වෙති. (මෙහි අදහස ඊළඟ ගාථාවට සම්බන්ධය)

88. තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය හිත්වා කාමෙ අකිංචනො
පරියොදපෙය්‍ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො

අනතුරුව සිතෙහි වන විවේකය වෙත ඇලී කාමයෙන් තොර වෙලා නිකෙලෙස්ව සිටින්නට, (මේ අදහස ඊළඟ ගාථාවට සම්බන්ධය.)

89. යෙසං සබ්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා
ඛීණාසවා ජුතීමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතා’ති

කමටහන් වැඩීමෙන් සිත දියුණු කරයි නම් ඇලීමෙන් තොරවෙලා, බැඳීමෙන් තොරවෙලා, නිවන වෙත ඇලීගෙන කෙලෙස් අර බිඳ හෙලූ අයම පමණක් ලොවේ පිරිනිවන වෙත වඩිති....

හිතවතුනි, ලෝකයේ, උතුම් අය ඒ තැනට පැමිණියේ අදිටනිනි. නොකැලබුණු මනසකිනි. ඔබත් දැඩි දිරි ගන්න. කිසිවකට නොසැලෙන්න. නිසැක ලෙස ඔබ ඔබේ අරමුණට යන්නේ ය..

මතු සම්බන්ධයි

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.