Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිපා අනු රූ ප්‍රදර්ශනයක්

රත්නපුර මාරපන මාවුදැල්ලේ විජයනන්දනාරාම විහාරස්ථ අටවිසි බුද්ධරාජ විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා ආධාර ලබාගැනීමේ අපේක්ෂාවෙන් ගම්වාසි තරුණ පිරිස තෙවන වරට සිරිපා අනුරුව ප්‍රදර්ශනයක් සුදානම් කර ඇත. බිම් මට්ටමේ සිට අඩි 350 ක් උඩට ගොඩවී ඉදිකර ඇති තරප්පු පේලි මගින් බිමට බැස කදාමිණිමය පිළිම ගෙය හා අටවිසි බුද්ධරාජ විහාරයේ වැඩ සිටින සමාධි පිළිම වහන්සේ වැඳ ඉහල මාලයේ ඉඳිකර ඇති අටවිසි බුදුපිළිම වහන්සේලා වැඳ පුදා සිරිපා අනුරූ වන්දනාව නිම කිරීමට සංවිධානය කර ඇත. මෙම සිරපා අනුරූ ප්‍රදර්ශනය පොසොන් පෝදා සිට ජූලි මස 08 වන දා දක්වා ප්‍රදර්ශනය කෙරේ. සවස 6.30 ට ආරම්භ වන ප්‍රදර්ශනය අලුයම තෙක් පැවැත්වෙන අතර මෙය නොමිලයේ දැකබලා ගැනීමට අවස්ථාව උදා කර ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.