Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවෙන් ...


ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව 48 වන වරටත් ඉකුත් දා තෙදිනක් පුරා මිහින්තලා පුදබිමේ දී පැවැත්විණි. එහිදී ජූනි 24 වන දා ලේක්හවුස් මිහින්තලා පොසොන් ආලෝක පූජාවේ විදුලි ආලෝකය විවෘත කළ විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා සහ නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, ලේක්හවුස් ආයතනයේ නීති අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර, අනුරාධපුර දිසාපති එච්.එම්.කේ. හේරත් යන මහත්වරු මෙහි වෙති.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව පොසොන් පෝදා ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ වාරිමාර්ග ජලසම්පත් කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් විවෘත කරන ලදී. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ලංකා විදුලි බල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් හා අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වයෙන් මිහින්තලා ආලෝක පූජාව පැවැත්විණි.මිහින්තලා රාජ මහා විහාරාධිපති නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ ධර්මකීර්ති ශ්‍රී රතනසාර නා හිමියන් රැස්ව සිටි පිරිස එහිදී පන්සිල් හි පිහිට වූ අතර විහාරාධිකාරී වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් අනුශාසනාව පවත්වන ලදී. එම අවස්ථාවට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘමණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, මහාභාරකාර සරත් සෙනෙවිරත්න, අනුරාධපුර මහ දිසාපති එච්.එම්.කේ. හේරත්, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, පිරිස් කලමනාකාරිණී චම්පිකා ගලගෙදර, සහකාර සාමාන්‍යධිකාරී කේ.ජී.එස්. ගාමිණි, ප්‍රවාහන හා ශාඛා කාර්යාල ප්‍රධාන සුනිල් සෙන්දනායක, මෙහෙයුම් කළමනාකාර මහේන්ද්‍ර රොද්‍රිගු, මහජන සම්බන්ධතා හා විශේෂ ව්‍යාපෘති කළමනාකාර ඩී.එස්. ඉලේසිංහ, අනුරාධපුර ශාඛා කළමනාකාර සරත් පෙරේරා යන මහත්ම මහත්මීහු සහ ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීහුද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද මහත්වරුද, ශ්‍රී ලංකා යුද හමුදාවේ උතුරු මැද ආඥාධිපතිවරයා ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ විදුලි ආලෝකය තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොසොන් පෝදා විවෘත කැරුණු අවස්ථාව.

ඡායාරූප - කිත්සිරි වනසිංහ සහ හිදෝගම සමුහ 


ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, අනුරාධපුර දිසා ලේකම් එච්.එම්.කේ. හේරත්, ලංකා විදුලිබල මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධානී ලසන්ත දසනායක මහත්වරුන් විසින් ඉකුත් 26 වන දා විවෘත කළ අවස්ථාව.

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.