Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

නුගේගොඩ උඩහමුල්ල තලපත්පිටිය පාරේ නො. 20/4 පදිංචි පී. නානායක්කාරගේ පුතණුවන් වන කේ.පී. තනුජ දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කල යුතු බව කියයි. බී.පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 011 - 2834666, 0712011034 යන දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

*******

අම්බලන්ගොඩ, කුලීගොඩ, මාදම්පාගම, උස්මුදුලාව, සිග්නල් කණුව අසල යන ලිපිනයේ පදිංචි ඒ.එච්.චන්ද්‍රලතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව පවසයි. ඒ සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් ඊට විශාල මුදලක් වැයවන බවත් ඔවුන් පවසති. වකුගඩු පරිත්‍යාගශීලියෙකු එය පරිත්‍යාග කර පිරිමි දරුවෙකු සිටින ඇයගේ පවුලට පිහිට වන ලෙස ඉල්ලා සිටියි.

වැඩි විස්තර සඳහා 0717917950 රන්දික මධුසංක පුතු ඇමතීමෙන් ලබාගත හැකි බවද කියයි. මුදලින් පරිත්‍යාගයක් කරන්නේ නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ 1 – 0033 – 80 – 6034 – 7 දරන ගිණුම් අංකයට බැර කරන ලෙස ද ඉල්ලා සිටියි.

*******

බලපිටියේ පදිංචි එන්. සාමචන්ද්‍ර ද සිල්වා තරුණ මහතා දරුණු පිළිකා රෝගයකින් පෙළෙන අයෙක් බව කියයි. තිදරු පියෙකු වන ඔහු සුව කිරීමට අවශ්‍ය ඖෂධ සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඊට දායකවීමට කැමැති පරිත්‍යාගශීලීන් 0914911504 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි අතර බලපිටිය මහජන බැංකුවේ 154200107229066 ගිණුම් අංකයට මුදල් බැර කිරීමෙන් ද දායක විය හැකි ය.

*******

වකුගඩුවක් ඉල්ලයි

මාතර පහළ පීක්වැල්ල පන්‍ථාරාම පුරාණ විහාරාධිපති, මාතර පළාතේ ප්‍රධාන සංඝනායක ඌරුමුත්තේ සෝමරතන නාහිමියන්ගේ වකුගඩු දෙක අක්‍රිය වී පවතින හෙයින් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලී හිමිනමකගෙන් හෝ ගිහි පින්වතකුගෙන් එම වර්ගයේ වකුගඩුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැයවන බවද වෛද්‍යවරු පවසති. මුදලින් ආධාර කරනු කැමති පින්වතුන් මාතර ලංකා බැංකුවේ ගිණුම් අංක 1658743 ඌරුමුත්තේ සෝමරතන හිමි නමට ඇති ගිණුමට මූල්‍යාධාර ලබා දිය හැකි බව හත්තොටුවේ ඉන්දරතන හිමියෝ කියති.

*******


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.