Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්මය

උඩරට අමරපුර මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජූලි මස 17 සහ 18 යන දිනවල වරාතැන්න උදකුක්ඛේප ශ්‍රී මහාබෝධි සීමා මාලකයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව උපසම්පදා අපේක්ෂකයන්ගේ් පෙර පුහුණු වැඩමුළුව ජූලි මස 3/4 දෙදින මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරස්ථානයේදී පැවැත්වීමටත්, උපසම්පදා අපේක්ෂකයන් සඳහා ලිඛිත විභාගය ජූලි මස 10 වැනි දින පැවැත්වීමටත්, උපසම්පදා අපේක්ෂකයන්ගේ ආචාර්යවරුන්ගේ සාකච්ඡාව එදිනම පස්වරු 1.30 ට පැවැත්වීමටත් බලාපොරොත්තු වේ.

උපසම්පදා විනය කර්මය උඩරට අමරපුර මහා නිකායේ මහා නායක තෙරිපැහැ සෝමානන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් අනුනායක අත්තරගම වජිරජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති වටගොඩ විජිත නාහිමියෝ පවසති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.