Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ දීපව්‍යාප්ත රචනා තරගයෙන්

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ.නදීශා ආසිරි කුසුම් පළමු තැනට

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව බුදුසරණ පුවත්පතේ මෙහෙයවීමෙන් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ ඩබිලිව්. ඒ.නදීශා ආසිරි කුසුම් ශිෂ්‍යාව විසින් හිමිකර ගන්නා ලදී. දෙවන ස්ථානය යෝගියාන , වෑකඩ ධම්මනිකේතන දහම් පාසලේ ජී.ඒ.ඇම්. ශානිකා රසාන්ති ශිෂ්‍යාවද , තෙවන ස්ථානය කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඩබ්ලිව්. එම්.දර්ශිකා නිර්මාණි ශිෂ්‍යාවද සිව්වන ස්ථානය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ ඩී.පබා කුමාරි රත්නායක , පස්වන ස්ථානය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ උත්තමා වඩුගේ ධනුක තමීර ද සිල්වා, හයවන ස්ථානය බෙම්මුල්ල ශ්‍රී වර්ධන පිරිවෙනේ බණ්ඩාරනායක දහම් පාසලේ කසුනිකා ගයෝමි ලියනගේ, හත්වන ස්ථානය යෝගියාන, වෑකඩ ධම්මනිකේතන දහම් පාසලේ එම්.ඒ.තිළිණි ඉසුරු කුමාරි හෙට්ටිආරච්චි , අටවන ස්ථානය මහනුවර ශ්‍රී ශාන්ති බාලිකා දහම් පාසලේ ආර්.එම්. අචලා කාංචනා කුමාරි රත්නායක, නව වන ස්ථානය මණ්ඩපොල දෙටියමුල්ල ශ්‍රී සුනන්ද දහම් පාසලේ එම්.එච්. සන්දලී පි‍්‍රයංවදා විජේසිරි ශිෂ්‍යාවදහවන ස්ථානය පිටවල කලුගල මහා විද්‍යාලයේ ඩබ්.ජී. ඉමේෂා උමයංගනී යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් හිමිකර ගන්නා ලදී.

එම තරගයේ ප්‍රථම ස්ථානයට රු. 10,000 /- ක් ද, ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය ද පිරි නැමේ. දෙවන ස්ථානයට රු. 7500 /- ක් ද තෙවන ස්ථානයට රු. 5000 /- ක් ද සිව්වන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රු. 1000 /- බැගින් හිමිවේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් මුදලින් ත්‍යාග පිරිනැමෙන අතර, වටිනා සහතිකපත්ද පිරිනැමේ.

මේ ජයග්‍රාහකයන්ගේ තිළිණ හා සහතිකපත් ඔවුන් වෙත පෞද්ගලිකව ලැබෙන්නට සලස්වනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.