Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැපිලියානේ සුනේත්‍රාමහාදේවි පිරිවෙන් රාජ මහා විහාරයට

හයසිය වසරක් සපිරීම සහ ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමි සමරු පින්කම්


මැදගොඩ
සුමනතිස්ස නාහිමි

සිරිලක කෝට්ටේ රජ කැරැවූ සවැනි පැරකුම්බා රජතුමා විසින් තම මෑණියන් වන සුනේත්‍රා මහා දේවිය සිහි කරනු වස් පැපිලියානේ සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරය ස්ථාපිත කර හයසිය වසරක් සපිරීම නිමිත්තෙන් සහ සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරාධිපති, පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සහ බස්නාහිර පළාත සහිත කොළඹ හා නවතොටමුණේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමියන්ගේ පස්වන ගුණසමරු පුණ්‍යොත්සවය නිමිත්තෙන් සය ශතාධික මහ සඟරුවන වෙත පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාව මෙම 26 වන දා පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනයේ දී පැවැත්වේ.

එම පුණ්‍යෙීත්සවය ඉකුත් 20 වන දා පස්වරු 3 ට ස්‍යමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.

එම වැඩසටහනට තෙමහල් පිරිවෙන් ශාලාවට මුල්ගල තැබීම, ශිලාලේඛනය නිරාවරණය කිරීම, සමරු මුද්දරය නිකුත් කිරීම ශාස්ත්‍රීය සංග්‍රහය දොරට වැඩීම ඇතුළත්විණි. විශේෂ ගුණ සමරු පින්කම් මාලාව ජූනි 21 වන දා ඇරැඹුණු අතර මෙම 25 වන දා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඡ්‍යොෂ්ඨ කථිකාචාර්ය පැපිලියානේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරාධිපති පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි එම පුණ්‍යෙත්සවය සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.